සක්විතිට මූල්‍ය වංචා මදිවට බහු විවාහ චෝදනාත් නැගේ

මහා පරිමාණ මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ යන අයට විරුද්ධව බහු විවාහ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති අතර නඩුව ඔක්තෝම්බර් 24 දිනට කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (26) නියෝග කළේය.



පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අංක 175/4, මාදිවෙල පාර, ඇඹුල්දෙණිය, නුගේගොඩ ලිපිනයේ පදිංචිව සිටි සක්විති රණසිංහ නමැත්තා මේ වන විට එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියි.

නීතිපතිවරයා විසින් සක්විති රණසිංහට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බහු විවාහ චෝදනා යටතේය. වර්ෂ 2004 මාර්තු 25 දින හෝ ඊට ආසන්න දිනකදී වැල්ම්පිටියේ දී 1998 මාර්තු මස 09 දින හෝ ඊට ආසන්න දිනකදී විවාහ සහතික අංක 4866 යටතේ නන්දික හේවා සුභාෂිණී ද සිල්වා ආරියරත්න යන තැනැත්තිය සමඟ විවාහ වී ඇත.

එම තැනැත්තිය ජීවත්ව සිටියදී එම විවාහය අවලංගු නොකර විවාහ සහතික අංක 9425 යටතේ ජඹුරුතුගොඩ ගමගේ කුමාරි අනුරාදිනී නමැත්තිය සමඟ විවාහ වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 362 (ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතුය.

තම නීත්‍යානුකූල භාර්යාව ජීවත්වන කාලය තුළදී නැවත විවාහයක් කර ගැනීමේ වරද යටතේ සක්විතිට නඩු පවරා ඇත.

Gossip Lanka Hot News Previous News Archive