Bus Accident katugastota බස් රථයකින් පැමිණි සිසුවියක් එම බසයටම යටවී මියගොස් ඇත.



කටුගස්තොට, ඉනිගල විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන සිසුවියක් අද (26) පෙරවරුවේ පෞද්ගලික බස් රථයකට යටවී අවසන් සුසුම් හෙළන ලදී. ඇය පාසලට පැමිණි බසයටම දිවිදීම මෙහි ශෝචනීයම කතාවයි. බසයෙන් බැස පාර මාරුවීමට යාමේදී ඉදිරිපස ටයරයකට යටවී සිසුවිය මියගොස් ඇත.



 සිද්ධියත් සමග කෝපයෙන් හැසිරුණු ජනතාව බසයට හානි කිරීමට තැත් කළද පොලීසිය මැදිහත්වී එය සමතයකට පත්කර තිබේ. කෙසේ වෙතත් මෙම අනතුරින් මියගියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියකි. මේ එකී අනතුර සිදුවු ස්ථානය වටා රුස්වු ජනතාව හා අනතුර පරික්ෂා කරන
 පොලිස් නිලධාරියෙකි.
 







Gossip Lanka Hot News Previous News Archive