තෙරාන් සිට ඔක්හොට්සන් මුහුදේ පෙල්ඩිස්ටෝ දිවයින බලා යාත‍්‍රා කරමින් සිටියේය.
පොලිමෙටල් රන් ආකර සමාගම එහි වටිනාකම කෙතෙක් දැයි නොකියයි. නැව වෙනදා යාත‍්‍රා කරන මුහුදු මාර්ගයේ ගමන් කළ බව ද සමාගම කියයි.අතුරුදන්වූ නැව සෙවීමට දියගොඩ යාත‍්‍රාවක් ද, නැව් තුනක් ද හෙලිකොප්ටරයක් ද යැවූ නමුත් නැවක සුන්බුන් සොයා ගත නොහැකි විය.
මුහුදේ දැඩි රළු ස්වභාවය නිසා මෙහෙයුම් කටයුතු නතර කැරිණි. එම පෙදෙසේ මුහුදු රැල්ල මීටර් හතරක් (අඩි 13ක්) පමණ උසට නැගුණ බව සහන සේවකයෝ කියති. නැව ඉරිදා සවස ආධාර ඉල්ලා ඇතත්, ඊට ප‍්‍රතිචාර ලැබී නැත.
