Skyfall හට වාර්තාගත ආරම්භයක්


 Skyfall has become the highest-earning film in James Bond history after breaking the UK record to take £20.1million on its opening weekend.
පසුගියදා තිරගත වූ නවතම ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටිය වන ස්කයිෆෝල් සිය ආරම්භක සතිඅන්තයේදී වාර්තාගත ආදායමක් උපයා ඇතැයි බි‍්‍රතාන්‍ය බොක්ස් ඔෆිස් වාර්තා වල දැක්වේ.

බි‍්‍රතාන්‍යය තුළ පවුම් මිලියන 20.1ක ආදායමක් ලද ස්කයිෆෝල් එරට සිනමා ඉතිහාසයේ සතිඅන්තය තුළ වැඩිම අදායමක් ඉපයූ චිත‍්‍රපට අතුරින් දෙවැනි ස්ථානයට පත්ව ඇත.



මෙම ආදායම් වර්තාව දෙවැනි වන්නේ පසුගිය වසරේ පවුම් ආරම්භක සතිඅන්තය තුළ මිලියන 23 ක අදායමක් වාර්තා කරමින් තිරගත වූ හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ Harry Potter And The Deathly Hallows - Part 2 චිත‍්‍රපටියට පමණි.

මෙතෙක් තිරගතවූ ජේම්ස් බොන්ඞ් සිනමා පට 23 අතරින් ආරම්භක සතිඅන්තය තුළ වැඩිම අදායමක් ඉපයූ සිනමා පටය ලෙසද ස්කයිෆෝල් ඉතිහාසයට එක්වේ.

මේවන විට ලොවපුරා රටවල් 25ක තිරගතවූ ස්කයිෆෝල් චිත‍්‍රපටිය පසුගිය සිකුරාදා හා ඉරිදා අතර ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 77.7 කි.

රහස් පරීක්ෂක 007 ලෙස ඩැනියල් ක්‍රෙග් චරිතමවන මෙම සිනමාපටය නොවැම්බර් 09 දින ඇමෙරිකාවේ තිරගතවීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive