දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වූ වාහනයක හිමිකරුවෙක් එම මාර්ගයට විරුද්ධව නඩු පැවරීමට තීරණය කර තිබේ.මාර්ගයේ අතුරා ඇත්තේ බාල කාපට් බව පවසන තිඹිරිගස්යායේ සරත් සුබසිංහ මහතා එම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වූ බවද සඳහන් කරයි.
ඔහුගේ මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් පසු රුපියල් එක් ලක්‍ෂ පන්දාහක දඩයක් ගෙවන්නටද සිදුව තබේ.
අධිවේගී මාර්ගයේ තැන් තැන්වල වතුර ඇති බවත් තාරද උඩට ඉස්සී ඇත්තේ කාපට් තට්ටුව බාල බැවින් යයිද ඒ මහතා කියා සිටී.

