Wimal Weerawansa Talks about T20 Dancing Girls ගාන අඩු නිසා ගෙනවා ගෑණු ළමයි ටිකත් නැටුවා

අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී අනාවරණයක් කළේය. '' ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ,ක්‍රිකට් බෝඩ් එක ,මිලියන ගානක් සංස්ථාවට ණයයි.
ඉතිං ඒ ගොල්ලො විස්සයි විස්ස අරහෙ ගහනවා ,මං දන්නේ නෑ හෙට අනිද්දා ආයි තිහයි තිහ ගහයි ,හැටයි හැට ගහයි ,හතලිහයි පණහ ගහයි .


මොනවා ගැහුවත් ඉංජිනේරු සංස්ථාවට තිබ්බ ණය ඒ ගොල්ලො ගෙවන්නේ නැහැ.ඉංජිනේරු සංස්ථාව හොයාගෙන තමයි සමහර විට බඩු ගත්ත ආයතන වල මිනිස්සු එන්නේ .
ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිතුමාලට කිසි කරදරයක් නැහැ.
ඒ ගොල්ලො හොඳට දැන් පිටරට ක්‍රිකට් කණ්ඩායම් ගෙනෙන්න ,තරග තිය තිය ,අත්පොලොසන් නගලා ,කොහන් හරි අඩු ගාණට හම්බ වෙච්ච ගෑණු ළමයි ටිකක් ගෙනැල්ලා නටවලා ,ඒ ගොල්ලො හොඳට විනෝදෙන් ''

Gossip Lanka Hot News Previous News Archive