ඊශ්‍රායලයෙන් ඝාෂා තීරයට දිගටම ප්‍රහාර,Gaza missiles fired at Tel Aviv

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එල්ල වන පලස්තීන රොකට් ප්‍රහාරයනට ගොදුරුවූ ඊශ්‍රායල වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

මෙයට පෙර ඊශ්‍රායල ප්‍රහාර වලදී තට්ටු නිවාස වල ජීවත්වූ පලස්තීන වැසියන් දෙදෙනෙකු මරණයට පත් වුයේ, බදාදා සිට මියගිය පලස්තීන ජාතිකයන් ගේ සංඛ්‍යාව දහ තුනක් දක්වා ඉහල දමමින්.


ඊශ්‍රායල හමුදා විසින් හමාස් සංවිධානයේ හමුදා අණ දෙන නිලධාරී අහ්මෙඩ් ජබාරි ඝාතනයට ළක් කිරීම ඝාසා තීරයේ සටන් ඇවිලී යාමට හේතු වී තිබේ.

බී බී සී යට ප්‍රකාශයක් කළ ඊශ්‍රායල් ප්‍රවාහන ඇමති වරයා කියා සිටින්නේ, රොකට් ප්‍රහාර නවත්වන්නේ නැත්නම් හමාස් නායකයා වන ඉස්මයිල් හනීයෙහ් ඝාතනය කිරීම සදහා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවයි.


Gossip Lanka Hot News Previous News Archive