අයෝමි ශානිකාට වන්දි රහිත දික්කසාදයක් ලැබෙයි, Ayomi shanika Got divorced

ටෙලි නාට්‍ය නිළි අයෝමි ශානිකා අද ඇගේ විවාහයෙන් දික්කසාදය ලබාගත්තා. කඩුවෙල දිසා අධිකරණයේදී අද දහවල් විභාගවූ නඩුවේදී මෙම තීරණය ලැබුණා. ජීවිතය ලස්සණයි නමැති ටෙලිනාට්‍යයේ සුදු නංගී නම් චරිතයෙන් වැඩි දෙනෙකු හඳුනාගත් අයෝමි ශානිකා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පසු 2009 ජූලි මසදී විවාහවී තිබුණත් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී කිසිදා විවාහ නොවූ තැනැත්තියක ලෙස කතා කර තිබුණා. කාලයක් තිස්සේ ඇය ඇගේ විවාහය රහසක් ලෙස තබාගෙන සිටි බවද වාර්තා වනවා.

ඇය විවාහ වී සිටියේ එච්.කේ.තුසිත නමැති දේශපාලනයට හා මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙකු සමග බව වාර්තා වනවා. ඔහුගේ නීතීඥයින් අද උසාවියේදී පෙන්වාදී ඇත්තේ ඇය ඔහුගේ දේපළ ලබාගැනීමේ අටියෙන් මෙම විවාහය කරගෙන තිබුණ බවකි. ලක්ෂ පණහක මුදල් හා දේපළ වන්දි වශයෙන් ඉල්ලමින් ඇය දික්කසාදය ඉල්ලා සිටියත් අද ලැබුණ තීන්දුව අනුව ඇයට ඒ කිසිවක් ලැබුනේ නැත. ඇගේ විවාහක ස්වාමියාගේ පාර්ශ්වයෙන් දික්කසාදයට කැමැත්ත ලැබුණ නිසා අද එම නඩුව අවසන් වූයේ ඇයට දිකකසාදය පමණක් හිමිකර දෙමිනි.

ජීවිතය ලස්සණයි නාට්‍යයෙන් මතුවූ තවත් නිළියක වන උමයංගනාගේ දික්කසාද නඩුව පිළිබඳ ආරංචියද පසුගිය මාසයේ වාර්තාවූවකි.

Gossip Lanka Hot News Previous News Archive