ඒ.ජී.ඒ නෝනගේ සාරියේ මඩ ගෑවෙන නිසා යන්න බෑ කීවා!

දැදුරුඔය පිටාර ගැලීම නිසා අවතැන්වී සිටින පවුල් සඳහා බෙදා දී තිබු සහනාධාර තොගයක් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ආපසු රැගෙන ගිය බවට අවතැන් වූවන් චෝදනා කරනයි.පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තම්මන, ඉහළ තම්මන, තුක්කිකියාගම, මිණිකුකුළ යන ගම්මානවල ජනතාව මෙම චෝදනාව කර සිටී.පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම ගම්මානවල පදිංචිව සිටි පවුල් 400 ක පමණ පුද්ගලයින් 150 ක් පමණ අවතැන්වී ඇත.එසේ අවතැන්වී සිටින පිරිස් තම්මන කණිටු විදුහලේ මේවන විට තාවකාලිකව නවාතැන් ගෙන සිටී.මෙම පිරිස් සඳහා පානීය ජලය ලබාදීමට ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත.


ඒ ඒ ගම්වල රාජකාරි කටයුතු කරන ග්‍රාමනිලධාරීන් විසින් අවතැන්වූවන් සම්බන්ධයෙන් ලේඛනද සකස් කරමින් සිටියි.

එම ලේඛනවලට අදාළ රජයෙන් ලබාදීමට නිර්දේශ කර ඇති ආහාර ද්‍රව්‍ය ලබාදීමද 21 වැනි දින සිදු කර ඇත.

මේ අතර එම ස්ථානයට ඊයේ (22) වැනි දින පැමිණ ඇති පල්ලම ප්‍රාදේශීය ලේකම්වරිය රජය විසින් ලබා දී තිබූ සියල්ල ආපසු රැගෙන ගොස් ඇතැයි අප වාර්තාකරු පවසයි.

එකී සිද්ධිය පිළිබඳව ගංවතුරින් අවතැන් වූ කාන්තාවක් Derana වාර්තාකරුට මෙසේ පවසා තිබේ.

“ප්‍රාදේශීය ලේකම් නෝනා අපි ඉන්න තැනට ආවා. කඳවුරේ අපි උයපු බත් එකත් එයා කෑවා. ඊට පස්සේ කිව්වා මෙතන කඳවුරක් නෑ ඒ නිසා දුන්න බඩු සේරම ආපහු අරගෙන යමු කියලා. අපි කිව්වා මේ දරුවන්ට කන්න දෙන්න දෙයක් නෑ.ඒ හින්දා ගෙනි යන්න එපා කියලා.මෙහෙම අයට කන්න දුන්නොත් එයාගේ රස්සාව නැති වෙයි කියලා දුන්න බඩු සේරම අරගෙන ගියා” යැයි පැවසුවාය.

ගංවතුරින් විපතට පත් පුද්ගලයෙක් මේ පිළිබඳව දැක්වු අදහස.

“අපි ඒ.ජී.ඒ නෝනට කිව්වා අපේ ගෙවල් කැඩිලා තියෙන්නේ.ඇවිත් බලන්න කියලා.එතකොට නෝනා කිව්වා මගේ සාරියේ මඩ ගෑවෙනවා. ඕවගේ යන්න බෑ කියලා”.තවත් අයෙක් කියා සිටියාය.


Gossip Lanka Hot News Previous News Archive