ඔටුන් හිමි කුමාරයා කුඩු සමග අසුවේ

නේපාලයේ හිටපු ඔටුන්න හිමි කුමරු පාරස් ෂා තායිලන්තයේ ‍ෆුකට් දූපතේදි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ ‍චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහල බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මරිජුවානා ග්‍රෑම් තුනක ප්‍රමාණයක් ඔහු සතුව තිබුණු බව පොලීසිය පවසයි. ඔහු සතුව සාමාන්‍ය ‍විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර වී. අයි .පි .වරප්‍රසාද හිමි බවට කිසිම ලියැවිල්ලක්‍ නොතිබුණෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කවරෙකුදැයි අප දැන සිටියේ නැති බව පොලිස් ප්‍රධානියා පවසා තිබේ.


ෂා ‍ඔහුට එරෙහි චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර වරදකරු වූවොත් ඔහුට සුළු දඬුවමක් හිමිවනු ඇතැයි පැවැසෙන්නේ මරිජුවානා ළඟ තබා ගැනීම තායිලන්තයේ බරපතළ වරදක් ලෙස පිළිනොගන්නා බැවිනි.

පොලීසිය පවසන්නේ වරද පිළිගතහොත් ‍ඔහුට අත්හිටවූ සිර දඬුවමක් දෙනු ඇති බවය.

Gossip Lanka Hot News Previous News Archive