රිසානාට නුදුරු දිනකම මරණ දඬුවම- නීතිපති

කුඩා දරුවකු මිය යෑම සම්බන්ධයෙන් සෞදි අරාබියේ දී වරදකාරිය කොට මරණ දණ්ඩනය නියම වී සිටින රිසානා මෙනවියට අගතියට පත් පවුලේ සාමාජිකයින්ගේ තීරණයට අනුව නුදුරු දිනයකදී එල්ලා මරනු ඇතැයි තමන්ට එරට සංචාරයේ දී පැහැදිලි වූ බව නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

රිසානා මෙනවිය නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞදි අරාබියේ සංචාරයකට පසුගිය දා තමන් සහභාගී වූ බව පවසන නීතිපතිවරයා එරට නීතිපතිවරයාත් ආණ්ඩුකාරවරයාත් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.


සෞදි අරාබියේ සංචාරය තුළ දී මියගිය දරුවාගේ පවුලේ සාමාජිකයින් හමුවීමට කටයුතු කළ බවත් ඔවුන්ගේ අදහස වී ඇත්තේ පිටස්තර පුද්ගලයින් මෙම කරුණ වෙනුවෙන් මැදිහත් වීමට ඔවුන්ගේ කැමැත්තක් නැති බවය.

තමාගේ සංචාරය තුළ කිසිදු අවස්ථාවක රිසානා මෙනවිය හමුවීමට නොහැකි වූ බව සඳහන් කරන නීතිපතිවරයා තමන්ට එම සංචාරය තුළ හැඟ=ණේ මානව හිමිකම් සංවිධානවලට නොදැනෙන්න ඇය එල්ලා මරා දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව යැයි ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය ඉතාමත් තීරණාත්මක බව පැවසූ නිතිපතිවරයා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ ඉල්ලීම පරිදි සෞදි අරාබියේ රජතුමා පවා පුද්ගලිකව මෙම ප්‍රශ්නයට මැදිහත් වුවත් මියගිය දරුවාගේ දෙමව්පියන් විසින් තීරණය වෙනස් කරගැනීමට කැමැත්තක් නොපෙන්වීම හේතුවෙන් මරණ දඬුවම කි්‍රයාත්මක වීම අනිවාර්ය විය හැකි යැයි තමන්ට පැහැදිලි වූ බවය.

Gossip Lanka Hot News Previous News Archive