උමාරියාට අත අල්ලා හිරි හැර කළේ පෙම්වතා ලු ! Umaria Sinhawansa's Case

ගාලු මෝදර රථ ගාලකදී භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන උමාරියා සිංහවංශගේ අත අල්ලා හිරි හැර කළ බවට චෝදනා එල්ලව සිටින රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද (14) හෙළි විය.

කෙසේවවුද පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය කියා සිටියේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඔමාරියා පැවසූ බවයි.

ජෙයනූර් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔමාරියාද අධිකරණයට කැඳවන්නැයි ඉල්ලා සිටියේය.


අදාල ඉල්ලීම සලකා බලා ඇයට ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

තවමත් වයස 21 වන වියේ පසුවන උමාරියා, තම සොහොයුරිය වන උමාරා සමග මෙන්ම භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් ජනාදරයට පත්විය.

උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය.

Gossip Lanka Hot News Previous News Archive