2013 වසරට චිත‍්‍රපට පෝලිමක් ...... New Sinhala Films

" ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" Sri Siddhartha Gautama

2013 වසරේ ප‍්‍රථමයෙන්ම තිරගතවීමට නියමිත චිත‍්‍රපටය වන්නේ " ශ්‍රී සිද්ධාර්ථ ගෞතම"චිත්‍රපටයයි. සිදුහත් කුමරුවන්ගේ ජීවිත කතාව ඇසුරු කොට, සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු එහි ඉන්දීය නළු නිළියන් රැසක් චරිත මවන චිත්‍රපටයකි.

"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" සඳහා ඉන්දියාවෙන් සහ මෙරටින් නළු නිළියන් දායක වූ අතර, සිද්ධාර්ථ කුමරු ලෙස ගගන් මලික් ද,යශෝධරා දේවිය ලෙස අන්චල් සිං ද,මහමායා දේවිය ලෙස අංශු මලික් ද, දෙවුදත් ලෙස ගෞතම් ගුලාටි ද රංගනයෙන් දායක වූ අතර මෙරටින් රන්ජන් රාමනායක,ජීවන් කුමාරණතුංග,බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, රොෂාන් රණවන,සාරංග දිසාසේකර,ඇන්ජි පෙරේරා දායක වී ඇත. " ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.


"සමනළ සංධ්වනිය" Samanala Sandhawaniya

ජයන්ත චන්ද්‍රසිරි ගේ අධ්‍යක්‍ෂණයෙන් යුත් ඔහුගේ නවතම සිනමා කෘතිය "සමනළ සංධ්වනිය" ද මේ වසරේදී තිරගත වීමට නියමිතය.

"සමනළ සංධ්වනිය" ඔස්සේ ජයන්ත මෙවර තේමා කොට ගෙන ඇත්තේ ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමය පිළිබඳවය . වගීෂ නම් අති දක්ෂ යොවුන් සංගීතඥයකු ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය කාන්තාවක කෙරෙහි බැඳුණු ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් පසුබිම් කර ගනිමින් ජයන්ත මෙහි තිර පිටපත සකස් කොට තිබේ. උද්ධික ප්‍රේමරත්න මෙහි වගීෂ ලෙසින්ද, යශෝධා විමලධර්ම වැඩිහිටි කාන්තාවගේ චරිතය ලෙසින් රංගනයෙන් දායක වේ. රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානාච්චි,විල්සන් ගුණරත්නල,දමිතා අබේරත්න, පුබුදු චතුරංග, චතුරිකා පීරිස්,රොෂාන් පිලපිටිය, දිමුතු චින්තක,සඳුන් බණ්ඩාර, රෙබෙකා නිර්මලී,ජයතිස්ස අතුලසිරි සමඟ රිදී තිරයට හඳුන්වා දෙන සූර්ය සඳරුවන් ඇතුළු පිරිස "සමනළ සංධ්වනිය" රංගනයෙන් දායක වෙති. මෙය 'රූ සිනමා' වෙනුවෙන් රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.

"බෝම්බ සහ රෝස" Bomba saha Rosa

අනුරුද්ධ ජයසිංහගේ දෙවැනි සිනමා නිර්මාණය වන "බෝම්බ සහ රෝස "මෙම වසරේදී තිරගතවීමට නියමිතය. එය "මවුස් "චිත‍්‍රපටයෙන් පසු එම සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය වෙයි . විශ්වනාත් කොඩිකාර කුලුඳුලේ රංගන දායකත්වය සැපයූ නිර්මාණය වන්නේ බෝම්බ සහ රෝස චිත‍්‍රපටයයි. අනුරුද්ධගේ පළමු සිනමාපටය වන සංක්‍රාන්ති ගිය මඟ නොව වෙනත්ම ආකෘතියකට ඔහු තැනූ බෝම්බ සහ රෝස හි මහේන්ද්‍ර පෙරේරා,උපේක්ෂා ස්වර්ණමාලි, බිමල් ජයකොඩි, ශ්‍රියාණි අමරසේන,ජයනි සේනානායක, සෝමසිරි අලකොලංග, සම්පත් ජයවීර,සරත් කොතලාවල,කලණ ගුණසේකර ආදීහු චරිත මවති. මෙය එරික් මාකෙවිට සහ ලකී ඉන්ද්‍රාන්ගේ නිෂ්පාදනයකි.

"පරාවර්ථනය" Parawarthana

කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධනගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වූ "පරාවර්ථනය" ද මෙම වසරේ ප‍්‍රදර්ශණය වීමට ඇති සිනමා නිර්මාණයකි. කලකට පසු සොමී රත්නායකගේ රංගනයක් පේ‍්‍රක්‍ෂකයන්ට දැක ගත හැකි වන්නේද මේ තුළිනි. ගායන ශිල්පිනී අමිලා නදීශානි මුල්වරට චිත්‍රපටයක රංගනයේ යෙදෙන්නේ මෙහිය. සොමීගේ රංගන විරාමය නිමාවන "පරාවර්ථන"යෙහි පුබුදු චතුරංග, දුලානි අනුරාධා,ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි,නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුණී, සරත් කොතලාවල, සංජය ලීලාරත්න,සමන් වීරසිරි,අරුණ ධම්මික,සකුණි මල්ලවආරච්චි රංගනයෙන් දාය ක වෙයි. මෙය මොහොමඩ් මුජාහීඩ්, එම්. ඒ. සී. ආර්. ඩයස් සහ ජයනාත් ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.


"අභිනික්මන" Abhinikmana

වේදිකාවේ වසර ගණනාවක් රැඳී සිටි ප්‍රකට නාට්‍යවේදී හෙක්ටර් කුමාරසිරි "අභිනික්මන" තුළින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් විය. එය ද මෙම වසරේ ප්‍රදර්ශිත නාම ලැයිස්තුවට ඇතුළත්වේ.

ජෝ අබේවික්‍රමයන් අවසන් වරට චරිත මැවූ "අභිනික්මන" බෞද්ධ සාමණේර හිමි නමක් වටා ගෙතී ඇති කතා පුවතකි. සුදර්ශන බණ්ඩාර විසින් එම චරිතය රඟනු ලබයි. අයිරාංගනී සේරසිංහ, ඩබ්ලිව්. ජයසිරි,මහේන්ද්‍ර පෙරේරා, මල්කාන්ති ජයසිංහ, නිමල් චන්ද්‍රසිරි, රනිල් කුලසිංහ,ලෝචනා ඉමාෂි,රුවන් දිනේෂ්, කාවින්ද ශ්‍රීමාල් අභිනික්මනහි නළු නිළියන් වේ.


"රන්කෙවිට 02 ගොපළුගේ වික්‍රම" Rankewita 2


උදයකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට චිත්‍රපටයේ දෙවැන්න මෙම වරේදී තිරගත වීමට නියමිතය. ත්‍රිමාණ තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ " රන්කෙවිට 02 ගොපළුගේ වික්‍රම" සිනමාපටයෙන් බාල මහළු කොයි කවුරුත් මහත් ආශ්වාදයක් විඳගනු නියතය.

බෙනට් රත්නායක, ආනන්ද වික්‍රමගේ, සමන් හේමරත්න, චතුර පෙර්රා, සුසන්තා චන්ද්‍රමාලි, සංගීතා බස්නායක,ඉෂාම් සම්සුදීන්ල, ජනේෂ් සිල්වා,අසේල ජයකොඩි,හරිත් සමරසිංහ,දොන් ගයි මෙහි රංගනයෙන් දායක වෙති. මෙය ප්‍රවින් ජයරත්න, සුරංග ජයසූරිය,ජනිත මාරසිංහ සහ උදයකාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.

මේ වසරේ තිරගත වේ යැයි නිශ්චිතවම පැවසීමට නොහැකි වුවද තවත් චිත්‍රපට කිහිපයක් ප‍්‍රදර්ශණය කිරීමට සූදානම්කොට තිබේ, සුමිත්‍රා පීරිස්ගේ "වෛෂ්ණාවි", ඉනෝකා සත්‍යාංගනීගේ "සින්ඩෙ‍්‍රල්ලා " එරංග සේනාරත්නගේ "ඇතුවත් බෑ නැතුවත් බෑ",සනත් අබේසේකරගේ "සිරි දළදාගමනය", නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ ප‍්‍රථම සිනමා නිර්මාණය "තන්හා රති රඟා", පි‍්‍රයංකර විතානච්චිගේ "සැමීගේ කතාව", සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්",ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ "කෝ මාක් -නෝ මාක්", මාලක දේවප්‍රියගේ "බහුචිතවාදියා",ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතිව ඔබ එක්ක" සුනෙත් මාලිංග ලොකුහේවාගේ "සුරංගනා ලොවින් ඇවිල්ලා" යන චිත‍්‍රපට වැඩ නිමා කොට ප‍්‍රදර්ශණ පෝළිමට එකතු වී ඇති නිර්මාණය .

Gossip Lanka Hot News Previous News Archive