එලොවින් ආ ගල් නිසා කතක් ක්ලාන්ත වෙයි !

ගල් සියල්ල පොලිසියට ගනී

දිඹුලාගල කුඩා වැව වෙල්යායේ කුඹුරු කිහිපයකට පසුගිය 29 වෙනිදා රත්‍රියේ අහසින් කඩා හැලී ඇති උල්කාපාත කොටස් යැයි සැලෙකෙන පාෂාණ කැබලි සියල්ල අරලගංවිල පොලිස් භාරයට ගෙන ඇත. පාෂාණ කැබලි කොටස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති භූ ගර්භ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වෙත පරික්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් රාජමන්ත්‍රී මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළේය.

 ඉකුත් කුඩා වැව වෙල්යායට කඩා හැලුණු කොටස් ඇතැම් ගොවීන් එකතු කරගෙන නිවෙස් වලට රැගෙන ගිය පසු ගොවීන් කිහිපදෙනෙකුගේ අත් දැවිල්ලක් හට ගෙන ඇති බවද ගම්වාසීන් පැවසූහ. ගොවි මහතෙකු විසින් තම බිරිඳට එම කොටස් ලබා දීමෙන් පසු බිරිඳට ක්ලාන්ත තත්වයක් ද හටගෙන ඇත. කෙසේ වෙතත් එවැනි කොටස් ඇල්ලීමෙන් වලකින ලෙසත් එවැනි දෙයක් දුටුවොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසට අරලගංවිල පොලිසිය මඟින් මහජනතාව දැනුවත් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive