කැලණිය මන්ත්‍රී ඝාතනය: සැකකරුවන් අත්අඩංගුවට. Chief Suspect in Madawala killing arrested

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රංගන් නැමැත්තා රටින් පැන යාමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ඊයේ (07) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් සිංගප්පූරුවට යාමට සැලසුම් කර තිබු බවයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සිව්දෙනාගෙන් සිංගප්පූරු සරත් නැමැත්තා රංගන්ගේ ඥාතියෙකු බවද අනාවරණය වී ඇත.සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත කැලණිය හා කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය හා සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද සොයා ගෙන ඇත.මීට අමතරව ඔවුන් සතුව තිබු මැගසීන් එකක්, උණ්ඩ 2ක්, හිස්වැසුම් (හෙල්මට් ) 2ක්, ටී 81 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 42ක්, ත්‍රීරෝද රථයක් ද සොයා ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවෙකු බව ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශවලට දැනුම්දුන් බව වාර්තා වේ.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව හසිත මඩවල මහතා පසුගිය 05 වැනිදා මිය ගියේය.

ඒ ඔහු සිය නිවස ඉදිරිපිට රැඳි සිටියදීය.

යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බව පොලීසිය අනාවරණය කර ගෙන ගන්නා ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණ.

Gossip Lanka Hot News Previous News Archive