දැන් කට අරින්නේ කන්න විතරයි -Mervin Silva

 තමා මේ දිනවල කට අරින්නේ කෑම බිම ගැනීම සදහා පමණක් බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.මෙවැනි අර්බුද කාල වකවානුවලදී කෑමට පමණක්‌ කට අරින්න යෑයි තිස්‌සමහාරාම රජමහා විහාරාධිපති අපවත්වී වදාළ හක්‌මන පඤ්ඤාලෝක හිමියන් දුන් උපදෙස්‌ තමාට යළි සිහිවී ඇතැයි ද ඇමැතිවරයා කියයි.
ඒ නිසා කිසිම මාධ්‍යයක්‌ හෝ පුද්ගලයන් ඉදිරියේ වැඩිපුර කතා කිරීමෙන් වැළකී සිටින බවත් අපවත් වූ නායක හිමියන්ගේ උපදෙස අනුව කෑමට පමණක්‌ කට අරින බවත් ඇමැතිවරයා කියා සිටියි.කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට ද චෝදනා එල්ලවී තිබු අතර, ඒ අනුව ඔහුව කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ද තාවකාලිකව ඉවත් කරනු ලැබිය.
කුල ඥාති පදනම් මත මර්වින් සිල්වා ඇමතිවරයාව මාතර ආසනයේ ශ්‍රී ලනිප සංවිධායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායකත්වයෙන් යෝජනාවී ඇතත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

Gossip Lanka Hot News Previous News Archive