අපි මසකට පැරසිටමෝල් පෙති මිලියන 50ක් ගිලින රටක්

රජයේ රෝහල්වලට එක් මාසයකට පමණක් පැරසිටමෝල් පෙති මිලියන 50ක් අවශ්‍ය වන තරමට ලෙඩ රෝග සුලබ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඇමැතිවරයා මේ අනාවරණය කෙළේ කුරුණෑගල දී පැවැති "2013 බෝ නොවන රෝග නිවාරණ වසර" ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.
"අපේ රටේ ජනගහනය මිලියන 21යි. නමුත් ගිය අවුරුද්දේ අපේ සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන අනුව රජයේ රෝහල්වලින් පමණක් මිලියන 55ක් ප්‍රතිකාර අරන් තියෙනවා. ඊට අමතරව පෞද්ගලික රෝහල්වලින් තව කී දෙනෙක් බෙහෙත් ගන්න ඇතිද? සමහරු දිනපතා බෙහෙත් ගන්න එනවා. තවත් අය සතිපතා එනවා. ඒ තරමට ලෙඩ රෝග අද සුලබ වෙලා. රජයේ රෝහල්වලට එක මාසයකට පැරසිටමෝල් පෙති මිලියන 50ක් ඕනෑ.

Gossip Lanka Hot News Previous News Archive