85වැනි ඔස්කාර් සම්මාන උළෙල

85වැනි ඔස්කාර් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ලොස් ඇන්ජලීස්හි ඩොල්බි හෙවත් කොඩැක් තියටර්හිදී පැවැත්විය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය "අගෝ" චිත්‍රපටය හිමිවිය.
 1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසුව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 6 දෙනෙකු මුදා ගැනිම සදහා සි.අයි.ඒ. සංවිධානය දියත්කළ මෙහෙයුමේ සත්‍ය කථාව ඇසුරින් මේ චිත්‍රපටය නිෂ්පාදිය කර තිබුණි. "අගෝ" හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් එනම් සම්මාන 12 ක් සදහා නිර්දේශ වූ ලින්කන් චිත්‍රපටය අභිබවමිනි. 

 මිට අමතරව අමර්, බීස්‍ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්, ජැන්ගෝ අන්චේන්ඩ්, ලයිෆ් ඔෆ් පයි, ලේ මිසරාබ්, සිල්වර් ලයිනිංග්ස් ප්ලේ බුක් සහ සීරෝ ඩාක් තර්ටි, යන චිත්‍රපට ද මේ සදහා නිර්දේශ වී තිබුණි. ඔස්කාර් සම්මාන උ‍ළෙලේ හොදම නළුවාට හිමි සම්මානය "ලින්කන්" චිත්‍රපටයේ රගපෑ ඩැනියෙල් ඩේ ලුවිස් දිනා ගත්තේය. අමෙරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයට පණපෙවිම වෙනුවෙන් ඔහුට මේ සම්මානය හිමිවිය. 

 ඔහු මේ සම්මානයට හිමිකම් කීවේ සිල්වර් ලයිනිංග්ස්, ප්ලේ බුක් චිත්‍රපටයේ රගපෑ බ්‍රැඩ්ලි කූපර්, ලේ මිසරාබ් චිත්‍රපටයේ රගපෑ හියු ජැක්මන් , ද මාස්ටර් චිත්‍රපටයේ රගපෑ යෝකිං පීනික්ස් හා ෆ්ලයිට් චිත්‍රපටයේ රගපෑ ඩෙන්සෙල් වොෂින් පරාජයට පත් කරමිනි. ඔස්කාර් සම්මාන උළෙලේදි හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් හොඳම නිළිය‍ට හිමි සම්මානය දිනා ගත්තාය.

 ඒ, ඇය තරුණ වැන්දඹුවක් ලෙස චරිත නිරූපණය කල සිල්වර් ලයිනිංග්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ජෙසිකා චැස්ටේන්, ඉමැනුවෙල් රීවා, කුවන්සානේ ‍වොලිස් සහ නයෝමි වොට්ස් පරජය කරමින් ඇය ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබිණි. හොදම නිළියට හිමි සම්මානය සදහා නිර්දේශ වුවන් අතර කුවන්සානේ ‍වොලිස් පිළිබදව කාගේත් අවධානය යොමුවිය. "බීස්‍ට් ඔෆ් ද සදර්න් වයිල්ඩ්" චිත්‍රපටයේ රගපෑ ඇගේ වයස අවුරුදු 9කි.

 යම් හෙයකින් වොලීස් ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නම්, ඇය ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබු ලාබාලතම තැනැත්තිය වනු ඇති. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ඔස්ට්‍රේලියානු නළු ක්‍රිස්ටෝප් වොල්ට්ස් හිමිවිය.

 ක්‍රිස්ටෝප් වොල්ට්ස්ගේ දෙවැනි ඔස්කාර් සම්මානය මෙය වන අතර මෙවර හොදම සහාය නළුවාට හිමි සම්මානය සදහා නි‍ර්දේශ වූ පස්දෙනාම මීට පෙර ඔස්කාර් සම්මාන හිමිකරගෙන තිබිම විශේෂත්වයකි. ඔස්කාර් සම්මාන උළෙලේ හොදම සජිවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය "බ්‍රේව්" චිත්‍රපටයට හිමිවිය. චිත්‍රපට උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශ භාෂාවෙන් නිෂ්පාදිත "අමර්" චිත්‍රපටයයි. හොදම සහාය නිළියට හිමි සම්මානය ‍"ලේ මිසරාබ්" චිත්‍රපටයේ රගපෑ 30 හැවිරිදි ඈන් හැතවේ හිමිකර ගත්තාය. හොදම විශ්ව ප්‍රයෝගවලට හිමි ඔස්කාර් සම්මානය "ලයිෆ් ඔෆ් පයි" චිත්‍රපටයට හිමිවූ අතර හොදම සිනමාකරණයට හිමි සම්මානය ද එම චිත්‍රපටයට හිමිවිය. 

 හොදම සිනමා සංස්කරණය වෙනුවෙන් පිදෙන ඔස්කාර් සම්මානය "ආ‍ගෝ "චිත්‍රපටය හිමිකරගත් අතර හොදම ගිතයට හිමි සම්මානය "ස්කයි ෆෝල්" චිත්‍රපටයට පිරිනැමිණි. ඒ, එහි අඩංගු ස්කයිෆෝල් ගිතය වෙනුවෙනි. ලොවපුරා සිනමා දැවැන්තයින්ගේ රැසක් මෙවර 85වෙනි ඔස්කාර් සම්මාන උළෙලට සහභාගි විය.






































Gossip Lanka Hot News Previous News Archive