පාක්‍ෂිකයන්ට තවත් පව් නොදී ,වධ නොදී රනිල් ගෙදර යා යුතුයි - නීතිඥ මෛත්‍රි ගුණරත්න

'බාලගිරි දෝෂය' ඉදිරියට දමා, එ.ජා.ප. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින්, එය විනාශ කරන එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා, නායකත්වය දැරිය හැකි අයකුට එ.ජා.ප.ය භාර දී පාක්‍ෂිකයන්ට තවත් පව් නොදී - වධ නොදී දැන්වත් එම තනතුරෙන් ඉවත්ව යන ලෙස අප්‍රමාණව දුක් විඳින පාක්‍ෂිකයන් වෙනුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාවත් පත්කර ගත නොහැකිව කෙකරගාන එ.ජා.ප. නායක වික්‍රමසිංහ මහතා, රටේ නායකයා වී ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ගුණරත්න මහතා, තමන්ට කිසිවිටෙක ලද නොහැකි ජයග්‍රහණයක් කරා වෙනත් අයකු ළඟාවනු දැකීමට එ.ජා.ප. නායකයාගේ ඇති අකැමැත්ත නිසා 'යන යකා කොරහත් බිඳගෙන යෑමේ' න්‍යායෙන් ඔහු මෙසේ පක්‍ෂයත් පාක්‍ෂිකයාත්, විනාශයට ඇදගෙන යනු ලබන බවද පෙන්වා දෙයි.


මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරමින්, තමන්ටත් ආණ්ඩුවටත් අභියෝගයක් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන අනාගතය විනාශ කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමින් වික්‍රමසිංහ මහතා වෑයම් කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන්, ලේබලයට පමණක් සීමා වූ විපක්‍ෂ නායක තනතුරේම මිය යෑමට බවත් මෙය ලොව කිසි රටක විපක්‍ෂ නායකයකු සිදු නොකළ, එසේම සිදු නොකරන නිවට ක්‍රියාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive