අඳ ගොළු බිහිරන්ටත් රියැදුරු බලපත්‍ර - මහා ජාවාරමක් හෙළිවේ

වෛද්‍ය සහතික, විභාග, ප්‍රායෝගික පරීක්ෂණ ආදී කිසිවක් නොමැතිව රියැදුරු බලපත්‍ර මුදලට ලබාදීමේ ජාවාරමක් අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයාත් කාර්යාල සහයකයන් දෙදෙනකුත්, බ්‍රෝකර්වරු දෙදෙනකුත් පෙරේදා (30) අත්අඩංගුවට ගනු ලැබිය. 

රුපියල් 30,000ත් 50,000ත් අතර මිල ගණන්වලට එසේ රියැදුරු බලපත්‍ර නිකුත් කර ඇති අතර ගොළුවෙකුටත් කන් නොඇසෙන අයෙකුටත් ඇස් ආබාධ අයෙකුටත් එසේ රියැදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි අනාවරණය වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් ඉකුත් වසරේ නොවැම්බර් 08 වෙනිදා මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වූ බව ‍පොලිස් මාධ්‍ය 


ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ව්‍යාජ තොරතුරු යොදා රියැදුරු බලපත්‍ර 19ක් ලබාගැනීමට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර වේරහැර මෙටේ‍රා ‍පොලිටන් ආයතනයට රියැදුරු බලපත්‍ර අයදුම්පත් 19ක් ලැබි ඇති බව සඳහන් කරමින් කොමසාරිස්වරයා එම අයදුම්පත් 19 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණු බවද ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීය. 

එම අයදුම්පත් පරීක්ෂාවේදී වෛද්‍ය සහතික, ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණ නොමැතිව ව්‍යාජ තොරතුරු මගින් අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය වී ඇත. කළුතර දිස්ත්‍රික් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂකගේ අත්සන සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස අයදුම්පතේ සටහන් කොට කළුතර දිස්ත්‍රික් කාර්යාලයෙන් එම අයදුම්පත් ලැබෙන ආකාරයට වේරහැරට රැගෙන එන බවත් එහිදී එම අයදුම්පත් අනුමත කරනුයේ සහකාර කොමසාරිස්වරයා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සහකාර කොමසාරිස්වරයා එම අයදුම්පත්වලට අත්සන් තබා ඇත්තේ දැන දැනම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 ඔහු අත්සන් තැබූ පසු රියැදුරු බලපත්‍රය මුද්‍රණය සඳහා මෙටේ‍රා් ‍පොලිටන් සමාගමට යවන බවත් එහිදී මෙම අයදුම්පත් සැකයට භාජනය වී තිබෙන බවත් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රෝකර්වරුන්ගෙන් එක් අයෙක් හොරණ බවත් ඇය කාන්තාවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. අනෙක් පුද්ගලය මාළිගාවත්තේ අයෙකි. සැකකරුවන්ව නුගේගොඩ අධිකරණයට ඊයේ (31) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive