හලාල්’ සහතිකය නිකුත් කිරීම රජයට භාර දෙන්න කැමැතියි - ජමෛයිතුල්ලා කියයි

හලාල් සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සමස්ත ලංකා හලාල් ලංකා ජමෛයිතුල්ලා සංවිධානය පවසයි. අද (26) සවස කොළඹ ගාලු පාරේ පිහිටි රන්මුතු හෝටලයේ පැවැති පුවත්පත් සාකච්ජාවේ දී එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් මේ බව කීහ. එහිදී එම සංවිධානය පළ කළ අදහස් මෙසේය.
 හලාල් ක්‍රමවේදය රජය මගින් භාර ගන්නේ නම් රජයේ අනුග්‍රහය සහ පාලනය යටතේ සම්පූර්ණ හලාල් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ හැක.මෙහිදී මුස්ලිම් ජාතිකයින් සුළු පිරිසක් වෙසෙන සිංගප්පූරුව සහ තායිලන්ත රජයන් හරහා හලාල් ක්‍රියාත්මක කරන ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට පිළිවන. ඉන් පූර්වාදර්ශ ලබා ගන්නට හැකිය. හලාල් සහතිකයේ අවශ්‍යතාව ඇත්තේ මුස්ලිම්වරුන්ට පමණයි. එය නිකුත් කර තිබෙන්නේ මුස්ලිම්වරුන් වෙනුවෙන් පමණක් බවත් මෙහිදී සඳහන් විය.
එහෙත් ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රායෝගික අපහසුකම් මග හරවා ගන්නට සියලු නිෂ්පාදනවලට හලාල් මුද්‍රාව තබා ඇතැයිද මෙහිදී අනාවරණය විණ. හලාල් නොවන ආහාර නොගැනීමේ සම්පූර්ණ අයිතිය සිංහල,බෞද්ධ සහ කතෝලික ජනතාවට තිබෙන බවත්,ඊට ගරු කරන බවත් මෙහිදි පැවසිණ. “මේ රටේ මුස්ලිම් ජාතිකයින් සුළු ජාතිකයින් වුණත් ඉපදී,හැදී,වැඩී මිය යන්නේද මේ රටේ” බව මෙම නිලධාරින් පැවසූහ.
ඉස්ලාම් ආගමික සංස්කෘතියක් වන හලාල් ආහාර සඳහා වූ ප‍්‍රමිති සහතික ඇතුලත් ආහාර හා බදු භාණ්ඩ වර්ජනය කරන ලෙස 'බොදු බල සේනා' සංවිධානය පසුගිය දිනවල සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටීම හේතුවෙන් සමාජය තුල 'හලාල්' සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවිය.

 - සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive