ටිබෙට් හිමි නමකට චීනයේ මරණ දඬුවම

ටිබෙට් භික්ෂුන් වහන්සේ දෙදෙනකු සිරුරට ගිනි තබාගෙන මියයාම සම්බන්ධයෙන් විභාග කළ චීන අධිකරණයක් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු මිනීමැරීමට වරද කරුවන් බවට තීන්දු කරයි.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කොට ඇති ආකාරයට, සිචුවාන් ප්‍රාන්ත අධිකරණයක් ප්‍රකාශ කළේ ටිබෙට් දේශයේ චීන පාලනයට විරෝධය පා ගිනි තබා ගන්නා ලෙස ටිබෙට් භික්ෂුන් වහන්සේ නමක් වන ලොරාන්ග් කොන්චොක් (Lorang Konchok) හා ඔහුගේ බෑනණුවන් වන ලොරාන්ග් චෙරින් (Lorang Tsering) පුද්ගලයන් අට දෙනකු පොළඹවා ලූ බවයි.ලොරාන්ග් කොන්චොක් (Lorang Konchok) හට දෑවුරුද්දක අත් හිටවූ මරණ දඬුවමක් පැනවූ අධිකරණය ලොරාන්ග් චෙරින් (Lorang Tsering) හට දස වසරක සිර දඬුවමක් නියම කොට තිබේ

Gossip Lanka Hot News Previous News Archive