පෙබරවාරියේ ග්‍රහ යුද්ධ පහයි විපත් වැඩි කාලයක්

පෙබරවාරි මාසය ඇතුළත ග්‍රහ ගැටුම් (යුද්ධ) පහක්ම වරින් වර ඇතිවේ. කුජ - බුධ නැප්චූන්, කුජ - බුධ, සිකුරු සමඟ නැප්චූන් අතර හටගන්නා ප්‍රබල ග්‍රහ ගැටුම්වලින් තුනකින්ම ජය අත්වන්නේ නැප්චූන්ටය. පෙබරවාරි 5දා අඟහරුවාදා පෙරවරු 2.28ට කුජ පරදවා නැප්චූන් ජය ගැනීමෙන් ලවණකාරකීය මුහුදු කුණාටු හා සාගර අභ්‍යන්තරික වූ භූ චලන ඇතිවේ. කුජ පරාජය වීම හරහා රට තුළ හිටි හැටියේම අපරාධ රැල්ලක් ඉහළ යයි. මිනිස් ඝාතනවලට මුල පෑදේ. පෙබරවාරි 7 වැනි බ්‍රහස්පතින්දා බුධ නැප්චූන් යුද්ධයෙන් නැවැතත් නැප්චූන් ජය ලබයි. බුද්ධිකාරක බුධ පරාජයෙන් රටේ මුල් පෙළේ සිටින මහා මතධාරියකුට අපල තත්ත්වයක් ඇතිවේ.

8 වැනි සිකුරාදා රාත්‍රි 11.29ට කුජ බුධ යුද්ධයෙන් කුජ ජයග්‍රහණය කරයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ට මෙය එතරම් සුබදායක නොවේ. තවද 8,9,10,11,12 ආශි්‍රත දිනවල මාරක අනතුරු වාහන ප්‍රපාතවලට පෙරළීම් විදුලි කාන්දුවීම් ආදිය විපත් දේපළවලට හානි වීම් සිදුවේ.
දුම්රිය අනතුරක්ද සිදුවේ. ජනතා විරෝධී ප්‍රබල අපරාධකරුවකු සිය බලය අත්තනෝමතිකව පාවිච්චි කරනු ඇත.
පෙබ. 26 වැනි අඟහරුවාදා කුජ බුධ ගැටුමෙන් බුධට ජය අත්වීම නිසා අපරාධකරුවකු නීතියට කොටු වනු ඇත. 28 වැනිදා බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7.08ට සම්පත් කාරක සෞන්දර්යයට අධිපති සිකුරු පැරැදී නැප්චූන් නැවැතත් සිය බලය අතට ගනී. මෙම ග්‍රහ යුද්ධවල ප්‍රතිඵලයක් ලෙස මැදිවියේ කාන්තාවන් හා විශේෂයෙන් රූමත් කලාවේදිනියන් හා කලාකරුවන් මානසික හා කායික දැඩි පීඩනයන්ට ගොදුරුවීම අනිවාර්ය වේ.

 


Gossip Lanka Hot News Previous News Archive