රජයේ බැංකු ණය වැඩිවෙද්දී, පුද්ගලික ණය පහළට

මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකු විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පුද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.9 ක් දක්වා අඩුවන විට රජය විසින් එම මාසයේදී බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 21.6 කින් ඉහළ නගී.
 එනම්, 2012 නොවැම්බර් මාසයේදී මෙම බැංකු විසින් මෙරට පුද්ගලික අංශයට රුපියල් බිලියන 24.1 ක ණය ලබාදී තිබුණු අතර රාජ්‍ය අංශයට ලබාදී තිබුණේ රුපියල් බිලියන 18.8 ක ණය ප්‍රමාණයකුයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය දෙසැම්බර් මාසය වනවිට පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,358.4 ක් දක්වා ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 17.6 කින් වර්ධනය වී තිබෙන බවයි.

 බැංකු විසින් රජයට සැපයූ රුපියල් ණය ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී සියයට 44.7 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 634 ක් දක්වා වැඩි වෙද්දී ඩොලර් ණය ප්‍රමාණය 2012 නොවැම්බර් මාසයේදී වූ රුපියල් බිලියන 135.6 ක සිට දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 132.4 ක් දක්වා අඩුවී ඇත.

Gossip Lanka Hot News Previous News Archive