චීනයේ පැයකට ගබ්සා 1500 ක්‌

එක පවුලකට එක ළමයෙක්‌ පමණයි යන චීන රජයේ ප්‍රතිපත්තිය යටතේ අනුගමනය කරන උපත් පාලන වැඩපිළිවෙළ අනුව බිලියන බාගයක්‌ පමණ උපත් පාලන සැත්කම් සිදුකර ඇති අතර ඒවා අතුරෙන් අඩු තරමින් දශ ලක්‌ෂ 336 ක්‌ ගබ්සා කිරීම් යෑයි චීන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත.

දරු උපත් සිදුවීම වැළැක්‌වීමේ මෙම වැඩපිළිවෙළට අතිරේකව චීනයේ වෛද්‍යවරුන් විසින් 1971 වර්ෂයේ සිට දශ ලක්‌ෂ 196 ක පිරිමින් සහ ගැහැනුන් වඳ භාවයට පත්කර ඇත. චීනයේ ජනතාවගෙන් හතරෙන් තුනක්‌ පමණ ජනතාව මෙම ක්‍රමය අනුමත කර ඇති අතර 2008 වර්ෂයේ කරන ලද සමීක්‌ෂණයක්‌ අනුව රටේ භෞතික සම්පත් සහ ආහාර ප්‍රශ්නය ද සැලකිල්ලට ගෙන මෙම උපත් පාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. රජයේ පර්යේෂණ අනුව එක්‌ වසරකදී ගබ්සා කිරීම් දශ ලක්‌ෂ 13 ක්‌ සිදුකරන අතර ඒ අනුව පැයක්‌ ඇතුළත ගබ්සා කිරීම් 1,500 ක්‌ සිදුවේ.

මේ අතර මෙම පර්යේෂණ පවත්වන රජයේ නිලධාරීන් සඳහන් කරන්නේ ලිංගික අධ්‍යාපනය නොදෙන නිසා මෙම ගබ්සා කිරීම් ප්‍රමාණය ඉතා අධික වන බවයි.

රාජ්‍ය ආයතනයක්‌ වන විද්‍යා සහ තාක්‌ෂණ පර්යේෂණායතනය සොයාගෙන ඇති සංඛ්‍යා ලේඛන අනුව චීනයේ යුවතිපතීන් අතරින් සියයට දහයකටත් අඩු ප්‍රමාණයක්‌ උපත් පාලන ක්‍රම (CONDOMS) පාවිච්චි කරති. චීනය හා ඉන්දියාව සසඳා බැලීමේදී වර්ෂයකදී ඉන්දියාවේ දශ ලක්‌ෂ එකොළහක්‌ ගබ්සා කිරීම් සිදුවේ. පසුගිය වර්ෂයේදී වැඩ කරන ජනතාවගේ ප්‍රමාණය ඉතා අඩුවිය. මෙය මෙසේ අඩු වුයේ වසර පනහක පමණ කාලයක්‌ තුළදී ප්‍රථම වතාවටය. එය රටේ ආර්ථිකයට එල්ල වූ තදබල පහරක්‌ විය. දැනට ගොඩනැගෙමින් පවතින චීන නායකත්වය පවුල් සංවිධාන ක්‍රමය වෙනස්‌ කිරීමට යෝජනා කොට ඇත. එය සඳහන් කරන්නේ එක ළමයෙක්‌ එක පවුලකට වැඩපිළිවෙළ කෲර එකක්‌ බවයි.

පවුල් සංවිධාන කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට එක්‌ කිරීමෙන් පසුව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ හුවං ජීපු පැවසුයේ කාලයට අනුව ගැලපෙන නවීන පවුල් සංවිධාන ක්‍රමයක්‌ අනුගමනය කිරීමට අවස්‌ථාව එළඹ ඇති බවය. ජනගහන විශේෂඥයකු වූද බීජිංහි සිංගුව මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂවරයකු වූද වෑං පෙං වෝල් ස්‌ට්‍රීට්‌ නමැති පුවත්පතට පැවසුයේ උපත් පාලන ඉහත ප්‍රතිපත්තිය අවසන් කිරීමට කටයුතු කර ඇති බවය. දැන් රජයට අවශ්‍ය වන්නේ විශාල වශයෙන් දේශපාලන වෙනස්‌කම් සිදු කිරීමටය. ඉහත කී සැලසුම් වලට අනුකූලව වෙනස්‌ කම් හෝ නිවේදනය කිරීම එක දිනකින් කළ හැකි දෙයක්‌ නොවේ. මේ සියල්ලම එක්‌විටම සැනෙකින් ඉවත් කර ගත නොහැක. ඒ සඳහා සෑහෙන කාලයක්‌ ගතවනු ඇතැයි වෑං තවදුරටත් පැවැසීය.

2013.03.18 දි අයිලන්ඩ් හි පළවු Millions of abortions under chinas one child policy ලිපියේ පරිවර්තනයයි.

එස්‌.කේ. ඡේ. කුරේරා

Gossip Lanka Hot News Previous News Archive