තරුවක් වෙන්න මම රුපියල් 89,000ක් වියදම් කළා. - Shihan Mihiranga

* සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද...?
ගායනයේ වගේම අඳින පලඳින කතාබහ කරන විදිය චරිතයේ ඉඳලා ඕනම කෙනෙක්ට එක පාරක් බලලා දෙවැනිපාරත් බලන්න හිතෙන කෙනෙක් නම් ඔහු සුපර් ස්ටාර් කෙනෙක්.
* ශිහානුත් ඒ වගේ සුපර් ස්ටාර් කෙනෙක්ද...?
මම සුපර් ස්ටාර් කෙනෙක් වුණේ නම් නෑ. ඒත් මම ප්‍රියජනක පුද්ගලයෙක් වුණා.

* කිරුළ අහිමිවෙන්න තිබුණ අඩුපාඩුව මොකක්ද...?
දුර්වලතා දෙකක් තිබුණා. එකක් තමයි මේ කන්සෙප්ට් එක ඇතුළේ අවශ්‍යම ඉර්ඉ ප්‍රමාණය නොලැබීම. අනිත් කාරණේ ඉර්ඉ අඩුවෙන්න මගේ ගායනයෙත් අඩුපාඩු තියෙන්න ඇති.



* ශිහාන් පොළොවේ පයගහපු තරුවක්ද...?
අනිවාර්යයෙන්ම.


* එහෙනම් මේ මොහොතේ මේ පොළොවේ සිදුවන ඔබ වඩාත්ම සංවේදී වුණ සිදුවීම මොකක්ද...?
සුපර් ස්ටාර් වෙන්න කලිනුත් මේ දැනුත් මම අයිති වෙන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ගණයට. ඒ ස්ථාවරයේ ඉඳන් කතා කරද්දි ජීවත් වීමේ ලොකු අර්බුදයක් තියෙනවා කියලා පේනවා.


* ශිහාන්ට දේශපාලන දර්ශනයක් තියෙනවද...?
දේශපාලන අදහස් කිසිම දෙයක් මගේ ළඟ නෑ.


* සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න කලින් ඉඳපු ශිහාන්මද දැන් ඉන්නෙත්...?
නෑ එයා නෙවෙයි. සුපර් ස්ටාර් එන්න කලින් හිටපු ශිහාන් හරි නිදහස් මතයකින් හිටපු කෙනෙක්. මේ තරම් හිරවුණ කෙනෙක් නෙවෙයි. හරි කෙළිලොල් ජීවිතයක් ගතකළ කෙනෙක්.


* ඒ කියන්නේ සුපර් ස්ටාර් ඇවිත් නිදහස අහිමි කරගෙනද...?
ඒ දවස්වල මට ස්ටාර් කෙනෙක් වෙන්න උණක් තිබුණා. ඒ වෙනුවෙන් මම හැම දේම කැප කළා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ වගේ තමයි.


* තරු ගුණය රැකගන්න මොනවද කරන්නේ...?

මුල්ම දේ තමයි හොඳ චරිතයක් තියාගන්න ඕන.


* ශිහාන්ට හොඳ චරිතයක් තියෙනවද ඉතිං...?
මම සියයට සියයක් චරිතවත් පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි ශිහාන් මිහිරංග කියන ෆ්‍රේම් එක ඇතුළේ මම චරිතවත් පුද්ගලයෙක්.


* සුපර් ස්ටාර් වේදිකාවෙදි ලැබුණ පිළිගැනීම එළියට ආවට පස්සෙත් ලැබුණද...?
මං හිතන්නේ ඊට වඩා පිළිගැනීමක් එළියට ආවට පස්සෙ ලැබුණා.


* මිනිස්සු ආකර්ෂණය වුණේ ශිහාන්ගේ කටහඬට වඩා රූපයට කිව්වොත්...?
ඒකේ වැරැද්දක් නෑ. සුපර් ස්ටාර් වේදිකාවෙදි මුලින්ම ඇස පිනවන්න තමයි උත්සාහ කෙළේ. ඊළඟට තමයි කන. එතැනදි මගේ වයසත් එක්ක තිබුණ ස්ටයිල් මගේ ගායනයටත් එකතු වුණා. ඒ දේවලට ගායනයට වඩා මිනිස්සු ආකර්ෂණය වුණා.


* SMS ගායකයෙක් කිව්වට කමක් නැද්ද...?
මම sms ගායකයෙක් වුණා නම් සුපර් ස්ටාර් වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණේ නෑනේ. ඒ නිසා මම ඔය කතාවට විරුද්ධයි.


* තරුවක් වෙන්න කීයක් වියදම් කළාද...?
තරුවක් වෙන්න මම රුපියල් 89,000ක් වියදම් කළා. ඒ සල්ලි හොයා ගත්තේ මියුසික් ක්ලාස් කරලා තමයි. අතින් රුපියලක්වත් වියදම් කරලා පෝස්ටර් අලවන්න ඉර්ඉ යවාගන්න ඒ කාලේ තේරුමක් තිබුණේ නෑ. අන්තිම රුපියල වෙනකම්ම වියදම් වුණේ අඳින්න පලඳින්න සහ යන එන වියදම්වලට.


* රියැලිටි තරු කියන්නේ ස්වීප් ටිකට් ඇදුණා වගේ පිරිසක්ලු...?
ඔය හැඟීම තදටම තිබුණා අපි එන කාලෙදි, ප්‍රවීණයෝ අපිට කිව්වේ සිරසෙන් හුළංගහල පුම්බලා උඩ යවපු බැලුන් කියලා. ටික දවසකින් මේ බැලුන්වල හුලන් බැස්සම ලස්සනට කඩන් වැටෙනවා. හරියට වල්ගා තරු වගේ කිව්වා. ඒ කතාවත් ඇත්ත. චැනල් එකකින් අපිව හැදුවට, අපිව උඩ යැව්වට එතැනින් එහාට බලන්නේ නෑ. හැබැයි හිතපු විදියට අපිව බිම වැටුණේ නැති වුණාම ඒ බැනපු කටවලින්ම ප්‍රශංසා කරන්නත් පටන් ගත්තා.


* ස්ටාර් ලයිෆ් එක වගේම මැරේජ් ලයිෆ් එකත් මේන්ටේන් කරනවාද...?
අනිවාර්යයෙන්ම සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න චරිතය වැදගත්. මට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. අම්මා තාත්තා දුව පුතා ඉඳන් හැමෝම ආදරය කරනවා. ඒ අය ඉදිරියේ හොඳ චරිතයක් තියාගන්න ඕන. එතැනදී මැරේජ් ලයිෆ් එක මේන්ටේන් කරන්න සිදුවෙනවා.


* පෙම්වතිය ගැන කියන්න කල් ගත්තෙත් චරිතය රැකගන්න අවශ්‍ය වන නිසාද...?
පෙම්වතියක් සිටීම චරිතයට හානියක් නෙවෙයි. ඒත් එතැනදී මගේ තිබුණ ජනප්‍රියත්වයත් එක්ක පෙම්වතිය විකුණගෙන කෑමේ වුවමනාවක් මට තිබුණේ නෑ.


* ස්ටාර් කෙනෙක්ගේ මැරේජ් ලයිෆ් එක ඇතුළේ ප්‍රශ්න නැද්ද...?
අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. මෙතැන දෙන්නෙක් ඉන්න නිසා කවුරුහරි කෙනෙක් නිතරම එකදෙයක් කැපකරවන්න ඕන.


* සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙක් විදියට විනිශ්චයේ වගකීම භාරගන්න සූදානම්ද...?
අවසන් ‍ෙදාළහ වෙනකම් මම වගකීම භාර ගන්නවා. ඉන් ඉහාට ඒ වගකීම භාරගන්න අපට පවරලා නෑ.


* මේ වෙද්දි කාසි උඩ දාලා විනිශ්චය දෙන තැනට සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලය පත්වෙලා නේද...?
ඒ ගැන අහන්න ඕන මගෙන් නෙවෙයි හේෂාන්ගෙන්.


* නමුත් ඔබ ඒ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයෙක්...?
ඒ සිදුවීම පිටින් බලන් හිටපු කෙනෙක් විදියට කියනවා නම් මම සහ නිරෝෂා තීරණයක් නොගන්න නිසා හේෂාන්ට අදහසක් ආවා සම ලකුණු ගන්න තරගකරුවෝ දෙන්නාගේ දවසේ වාසනාව උරගා බලන්න. එතැනදී හේෂාන් සාධාරණයි.


* මේ දවස්වල කවුරුත් කතාවෙන හලාල් ප්‍රශ්නෙ ගැන ශිහාන් මොකද හිතන්නේ...?
හලාල් ගැන මට ලොකු අදහසක් නෑ. මං ඒ සංකල්පය ගැන ගැඹුරින් දන්නේ නෑ.


* රට ජාතිය ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ...?
විශේෂ හැඟීමක් නෑ. ජාතිය ගැන නම් හැමදාම ආඩම්බරයි.


* ළඟදී සිනමා ශාලාවකට ගිහින් බලපු ෆිල්ම් එක මොකක්ද...?
ළඟදී ආපු කිසිම ෆිල්ම් එකක් හෝල්වලට ගිහින් බැලුවේ නෑ.


වාසනා සුරංගිකා විතානගේ




 Shihan Mihiranga hot gossip



Gossip Lanka Hot News Previous News Archive