‘ආණ්ඩුව නැති වුණහම මන්ත‍්‍රීවරු හුළං බැහැපු බැලූන් වගේ වෙනවා. ඒකට හොදම උදාහරණය තමයි වජිර අබේවර්ධන.එජාප ගාල්ල දිස්ත‍්‍රික් නායකයා. අද හොයාගන්නත් නෑ. ඕකම තමයි අපිටත් වෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ. ඒ සදහා තමයි රට නගන නිල් රැල්ල වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නේ’ යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.ඒ මහතා මෙසේ ප‍්‍රකාශ කළේ හබරාදුව ආසනයේ ඉමදුව දීගොඩ කොට්ඨාශයේ නියෝජ්‍ය කතානායක චන්දිම වීර්ක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සාමාජිකයින් බදවා ගැනීමේ වැඩසටහනේදීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ‘දැන් මත්තල ගුවන්තොටුපොළ විවෘත කරනවා. එජාපයට අනුව මේවා ඕනේ නෑ. එයාලට අනුව උපාධිධාරීන්ට රැකියා දෙන්න ඕන නෑ. සංවර්ධන කටයුතු ඕනේ නෑ. ඇමරිකාව හැමදේම ගෙනත් දෙනකන් ඇමරිකාවටම වැදගෙන හිටියාම ඇති.