බෞද්ධ සංකේත සහිත යටඇඳුම් තොගයක් මහරගමින් හමුවෙයි

බුදු දහමට නිගරු වන පරිදි බෞද්ධ සංකේත යොදන ලද පිරිමි යට ඇඳුම් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (26) මහරගම දී අත්අඩංගුවට ගෙන ඇත. බොදුබල සේනා සංවිධානයේ හිමිනමකට ලැබුණු ඔත්තුවකට අනුව උන්වහන්සේ පොලිසියට කළ පැමිණිල්ලෙන් පසු මහරගම පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ පරික්ෂණ කර ඇත.

 මහරගම ඔරලෝසු කණුව අසල ව්‍යාපාරික ස්ථානයක තිබී එවන් ඇඳුම් 7 ක් සොයා ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ අලෙවි කරමින් සිටි පුද්ගලයා පානදුර පදිංචි 21 හැවිරිදි අන්යාගමිකයෙක් බවය. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට පවසා ඇත්තේ එම ඇඳුම් ඔහුට ලබා දෙන්නේ මහරගම ව්‍යාපාරිකයෙකු බවයි.


 ඒ අනුව පොලිසිය මහරගම එම ව්යානපාරික ස්ථානය පරික්ෂා කිරීමේදී බෞද්ධාගමට අපහස වන අන්දමේ සංකේත යොදා තිබූ යට ඇඳුම් 21 ක් සොයා ගැනීමට හැකිවී ඇත. මෙම ඇඳුම් ඉදිරියේදි එන සිංහල අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීමට සකස් කර තිබූ ඒවා බව හෙළිවී ඇත. එම පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහරගම පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive