රාජගිරිය හෝටලයකදී රන්ජන් අනර්කලීව පෙරළලා

රංගන ශිල්පී රන්ජන් රාමනායක හා රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා මෙනවිය අතර රාජගිරිය ප‍්‍රදේශයේ අවන්හලක පැවැති මුහුරත් උළෙලක දී අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

එහි දී ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් රන්ජන් රාමනායක මහතා එම මුහුරත් උළෙලින් වහා ම පිට ව ගොස් ඇති අතර අනර්කලී සිටිනවා නම් එම චිත‍්‍රපටයේ රඟපෑමට සහභාගි නො වන බවට ආදාළ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයාට ද දැනුම් දී තිබේ.උත්සව භූමියෙන් පිටව යන විට අනර්කලී ආකාර්ෂාව ද තල්ලූ කරමින් ඉන් ඉවත් වී ගිය අතර එම අවස්ථාවේ රංගන ශිල්පිනිය බිම ඇද වැටී ඇති බවට වාර්තා විය.සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනර්කලී ආකර්ෂා මෙනවිය කියා සිටියේ රන්ජන් රාමනායක මහතා දේශපාලන කෝන්තරයක් පිට කිරීමට තමන් සමඟ උරණ වී ඇති බවයි.


වැඩිදුරටත් අදහස් දැක්වූ අනර්කලී ආකර්ෂා මෙනවිය මෙසේ ද පැවැසීය.

‘ඉටිමල් ටෙලි නාට්‍යයේ දීත් මෙයා මාත් එක්ක ප‍්‍රශ්න දාගෙන කැත විදිහට බැණලා ප‍්‍රශ්නයක් ඇතිවුණා. පස්සේ ගොසිප් වෙබ් අඩවිවලට ඒ ප‍්‍රශ්නය විකෘති කරලා පළ කළා. මේක දේශපාලන කෝන්තරයක්. මෙයා හැම වෙලේ ම කියන්නේ මම ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරියක් නිසා මට මේ රංගන කටයුතුවල දී වැඩි සැලකිලි ලැබෙනවා කියලා. එහෙම කිසිදු සැලකිල්ලක් මට ලැබිලා නැහැ’

මේ පිළිබඳ ව රන්ජන් රාමනායක මහතා පැවසුවේ මෙවන් අදහසකි.

‘එහෙම කිසිදු සිදුවීමක් වුණේ නෑ. මේ උත්සවයේ හිටපු හැම දෙනා ම ඒකට සාක්ෂි දරයි. මෙතුමිට මට රංගන ක්ෂේත‍්‍රයේත්, දේශපාලන වේදිකාවලත්, මාධ්‍යවලිනුත් මඩ ගහගෙන යනවා. ඒ නිසා මෙතුමියගේ ප‍්‍රකාශ මම ගණන් ගන්නේ නැහැ. ඇය මෙවැනි අද්භූත චෝදනා පසුගිය කාලේ කිහිප දෙනෙකුට කළා. මට හැමදාම චිත‍්‍රපට තියෙනවා. මෙතුමිය ගැන කලා ක්ෂේත‍්‍රයේ ඕනෑ ම කෙනෙක් දන්නවා’

------------------------

අනර්කලී ලාභ ජනප්‍රියත්වයක් ගන්න හදනවා - රංජන් රාමනායක

අනර්කලී ආකර්ෂා පළාත් සභා මන්ත්‍රීවරිය උත්සාහ කරන්නේ ලාබ ජනප්‍රියත්වයක් ලබාගැනීමට බව එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පා.ම රංජන් රාමනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රාජගිරියේ පැවති චිත්‍රපටකට මුහුරත් උළෙලකදී තමා තල්ලූ කර වට්ටා දැමූ බවට අනර්කලී මන්ත්‍රීවරිය කරන ප්‍රකාශ අසත්‍යයක් බවයි.

එමෙන්ම අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ හා අනූෂා දමයන්ති යන ශිල්පීන් සමගින් තමා කතාකරමින් සිටි බවත් ඔවුන්ගෙන් හෝ මෙවැනි සිද්ධියක් වූයේද යන්න නිශ්චිතව දැනගත හැකි බවත් රාමනායක මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වරක් දුමින්ද සිල්වා මහතා සමගින් ගැටුමක් නිර්මාණය කරගැනීමෙන් පසු ඇය සමාදානවී එවැන්නක් නොවූ ලෙසින් හැසිරුණු බවත් නැවත වරක් නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා සමගින්ද ගැටුමක් නිර්මාණය කරගෙන පසුව ඔහු තමාගේ හොඳ මිතුරෙකු වශයෙන් පැවසූ බවත් ඇයගේ මෙවැනි සියළු ක්‍රියාවන්ගේ අරමුණ ලාභ ජනප්‍රියත්වයක් ලබාගැනීම බවයි.
 







 Ranjan Anarkali Fight @ Rajagiriya Hotel

Gossip Lanka Hot News Previous News Archive