ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක් - Inquiry into Malinga’s behaviour

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා හා ගිවිසුම් අස්සන් කිරීමට නියමිත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් ක්‍රීඩකයන් සමග කතා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙස මෑතකදී නම් කළ ලසිත් මාලිංග මාධ්‍යවේදීන් සමඟ හැසිරුණු ආකාරය පිළිබඳව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇතැයි  වාර්තා වේ.

එනම් මාලිංගගේ හැසිරීම පිළිබඳව පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකරට දන්වා ඇති අතර, මාලිංගට අදාළ එකී වාර්තාව ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඊයේ දිනය නිමාවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාට බාරදීමට නියමිතව තිබූ බවය.
එවිට මාධ්‍යවේදීන් "පොඩ්ඩක් කතා කළ හැකි දැයි" ඇසූවිට, " ඇයි මීට කළින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" යනුවෙන් පවසා ඇත. නමුත් අප වෙත දැනගන්නට ඇති පරිදි ඒ මොහොතේ ක්‍රිකට් ආයතනය තුළ කිසිදු ප්‍රියසම්භාෂණයක් හෝ සාදයක් පැවැත්වී නැත. මාධ්‍ය මුලා කරමින් එවන් පිළිතුරු ලබාදීම පිළිබඳව අපි කණගාටු වෙමු.



Gossip Lanka Hot News Previous News Archive