ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතුයි - Jayalalitha

ඉන්දීය මධ්‍යම රජය විසින් තවදුරටත් ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතු බවට තමිල් නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් සම්මත කරගත් බව තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුකොට ඇති බව පැවසෙන ජන සංහාර ඇතුළු යුද මෙහෙයුම් පිලිබඳව සොයා බලන ලෙස ඉන්දීය රජය විසින් එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ආ යුතු බවට එම යෝජනාවෙන් ඉල්ලා සිටින බව ඇය පැවසුවාය.ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවේ යුද අපරාධ සිදුකල පුද්ගලයන් ඉදිරිපත් කොට ඔවුන් ඒවාට වග කිවයුත් බවට තීන්දු කරන ලෙසටත්, දෙමළ ජාතිකයන්ට සිදු කරනු ලබන පීඩාවන් නවතා දමන තුරු ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙසටත් යෝජනාවෙන් ඉල්ලා සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලනාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අනාගතය උදෙසා දෙමළ ඊලමක් අවශ්‍යද යන්න පිළිබඳව, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව අතර සහ විදේශයේ වෙසෙන දෙමළ ජනතාව අතර ජන මත විමසුමක් පැවැත්විය යුතු බවටත් තමිල් නාඩු පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවේ අඩංගු වන බව මහා ඇමතිනි ජයලලිතා ජයරාම් පැවසුවාය.

Gossip Lanka Hot News Previous News Archive