'මචං ඥානසාර' ලියු පැපරාසියා 4 වන තට්ටුවට

ජනප්‍රිය පුවත් සඟරාවක් වන 'පැපරාසියා' හි කර්තෘ සේපාල් අමරසිංහ මහතාට අද (04) පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවට එන්නයි පොලිසිය විසින් දැනුම්දී ඇත.

අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් කල විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු පවසා ඇත්තේ, පසුගිය 'පැපරාසියා ' සඟරා කලාපයක බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යන ශීර්ෂය යටතේ පලකල ලිපියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇති බවයි.එය අපරාධයක් වන්නේ කෙසේදැයි අමරසිංහ මහතා කල විමසීමේදී අදාල නිලධාරියා එයට පිළිතුරු නොදුන් බව අමරසිංහ මහතා ' මිරර්' වෙත පවසා ඇත.මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතාගෙන් 'මිරර්' කල විමසීමේදී ඔහු කියා ඇත්තේ , පැපරාසි සඟරාවේ පලවී ඇති අදාළ වාර්තාව සම්බන්ධයෙන් තම සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් කල බවයි.

 -mirror-

Gossip Lanka Hot News Previous News Archive