කාංචනාගේ අවුරුදු කුමාරි

සුරූපී කාංචනා දෙවැනි වරටත් මවක් වෙලා. බක්මහේ පුංචි පුතාට අපූරු අවුරුදු තෑග්ගක් දෙන්න හිටපු කාංචනා අවුරුද්දට කලින්ම ඒ තෑග්ග පුතාට ගෙනත් දීලා. සෙනිත චූටි පුතා හරි සතුටින්. ඒ අම්මා එයාට සුදුම සුදු ලස්සන නංගි පැටියෙක් ගෙනත් දුන්න නිසා. පුතා සතුටින් නිසා අම්මත් සතුටින්. ඒ සතුට දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ පවුලට එකතු වුණු අමුත්තිය දුවක් නිසා.

ආරංචියෙ හැටියට කාංචනාගේ පුංචි දෝණි ඉපදිලා තියෙන්නේ මාර්තු 27දා. දූ පැටියාගේ නම කෙයිෂා රයිනි රණවක. මේ අලුත් අවුරුද්ද පවුලටම සුවිශේෂී නිසා කාංචනා දූ පැටියත් එක්ක අවුරුද්ද සමරන්න මතුගම රොෂාන්ලගෙ මහ ගෙදර ගිහින්. තමන්ගේ දූ පැටියාගේ මූණ බලන්න ලංකාවට ආව තාත්තාට අවුරුදු ගාණකට පස්සේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලැබිලා තියෙන්නේ දුවගෙ වාසනාවට. කට ඇති පුතයි රුව ඇති දුවයි පවුලකට වාසනාවක්ලුනේ... මේ දෙජාතියෙන්ම නොඅඩු කාංචනාගේ පවුලට මේ අවුරුද්දේ විතරක් නෙවෙයි හැමදාම කිරි උතුරයි.

Gossip Lanka Hot News Previous News Archive