ගම්පහ නගරාධිපතිට ඇප

අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත් ගම්පහ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.ඒ, ඔහු අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 15,000 ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා සදහන් කළේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ හේතුවක් මත ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවය.යක්කල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කිරිම සහ ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිම යන හේතු මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනිණ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ යතුරුපැදියක් පරික්ෂාවට ලක්කරමින් සිටි ‍පොලිස් නිලධාරීන් පිරිසකට නගරාධිපතිවරයා තර්ජනය කිරීම ඊට හේතුව බවය.සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සදහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive