තිසරගේ වේගවත් පිති හරඹයෙන් හයිද්‍රාබාද් පිලට ජය

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී 19 වැනිදා පැවැති තරගයේදී සන්රයිසන් හයිද්‍රාබාද් පිල කඩුලූ 5 කින් කිංග්ස් XI පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.

හයිද්‍රාබාද් පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 11 කදී දැවැන්ත හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය.මෙම ජයග‍්‍රහණයත් සමග තරග 7 කට සහභාගි වී තරග 5 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 10 ක් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හයිද්‍රාබාද් පිලට හැකි විය.

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 26, ඬේවිඞ් හසී 22, පියුෂ් චවුලා 23, කරන් ශර්මා 19/2, අමිට් මිෂ්රා 29/2, ඉෂාන් ශර්මා 29/2)


සන්රයිසන් හයිද්‍රාබාද් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 127 (අක්ෂාත් රිඞ්නි 19, හනුමා විහාරි 46, කැමරොන් වයිට් 16, තිසර පෙරේරා නොදැවී 23, මන්ප‍්‍රිට් ගොනි 24/2)


Full Match Highlights: IPL 2013 - SH vs KXIP, Match 25

Gossip Lanka Hot News Previous News Archive