බේරුවලදී බස් රථයක් දුම්රියක ගැටෙයි - Train-bus accident in Beruwala

බේරුවල, රොක්ලන්ඩ් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී, බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෝ 24දෙනෙක් තුවාල ලැබූහ.පොලිසිය පැවසුවේ මග්ගෝන පාලම අසල සිට මීටර් 100ක් පමණ බේරුවල දෙසට වූ අතුරු මාර්ගයකදී අනතුර සිදුව ඇති බවය.බේරුවල පොලිස් වසමේ රොක්ලන්ඩ් හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද පස්වරු 7.15ට පමණ මෙම අනතුර සිදුවිය.පොලිසිය පැවසුවේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් අංක 767 දරණ දුම්රිය, පෞද්ගලික බස් රථයක ගැටුණු බවය.

එම බස් රථයේ ගමන් ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට මහනුවර සිට පැමිණි පිරිසකි.ඔවුන් ඊට සහභාගි වී ආපසු යන අතරතුර බේරුවල, මාගල් කන්ද මාර්ගයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.තුවාල ලැබූ පුද්ගලයින් 23දෙනෙකු නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිසිය පැවසුවේ සිව්දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු බේරුවල රෝහලට ඇතුලත් කර තිබේ.තුවාල ලැබූ සියලුදෙනා පිරිමින් බව ද පොලිසිය පැවසීය.අද පස්වරුවේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය.




Gossip Lanka Hot News Previous News Archive