කොටි මිසයිලයකින් මුහුදුබත් වූ ‘ලයන් එයාර්’ වසර 15කට පසු ගොඩ ගනී - Lion Air Wreckages

එල්. ටී. ටී. ඊ. මිසයිල ප්‍රහාරයකින් ඉරණතිව් දූපත අසල මුහුදට කඩාවැටුණු ලයන් එයාර් ගුවන් යානයේ කොටස්‌ ගොඩගැනීමේදී ඊයේ (05 වැනිදා) ගුවන් යානයේ කොටස්‌වලට අමතරව කාන්තාවකගේ හැඳුනුම්පතක්‌, රත්තරන් දතක්‌, මිනිස්‌ අස්‌ථි කොටස්‌ රැසක්‌, කාන්තා හා පිරිමි ඇඳුම් විශාල ප්‍රමාණයක්‌ සහ ගමන් මලු කිහිපයක්‌ සොයාගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් පැය හතක පමණ කාලයක්‌ විශාල පරිශ්‍රමයක්‌ දරා යානයේ සුන්බුන් ගොඩ ගනිද්දී මිනිස්‌ පාදයක අස්‌ථියක්‌ ද හමුවිය.මීටර් විස්‌සක්‌ පමණ ගැඹුරු මුහුදු පතුළේ රැඳී තිබූ යානයේ කොටස්‌ අතර වූ එන්ජිම, බඳ කොටස්‌, රෝද තුනක්‌, පියාසර තටු මෝටර් දෙකක්‌, ගුවන් මගීන්ගේ ඇඳුම් කොටස්‌ සහ වෛද්‍යවරයකුට අයත් වෙද නලාවක්‌ මෙසේ ගොඩගනු ලැබීය.
ඉන් වසර ගණනාවකට පසුව ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මිසයිල ප්‍රහාරක අංශයේ ප්‍රබල සාමාජිකයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මන්නාරම ප්‍රදේශය භාරව සිටි මුහුදු කොටි නායකයකු වන බිරින්දන් මාස්‌ටර් සමඟ එක්‌ව ඉරණතිව් දූපතේ සිට මෙම යානයට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළ බවට අනාවරණය කරගෙන තිබිණි. එම හෙළිදරව් කිරීමට අනුව වැඩිදුර විමර්ශන කළ ත්‍රස්‌ත විමර්ශන ඒකකය නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා එම ස්‌ථානය වීඩියෝගත කර ගුවන් යානයේ කොටස්‌ එහි තිබෙන බව තහවුරු කරගනු ලැබීය.


ඉන් අනතුරුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කිලිනොච්චිය මහෙස්‌ත්‍රාත් වහබ්දීන් මහතා විසින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව නාවික හමුදාවේ සහාය ඇතිව මෙසේ යානයේ කොටස්‌ ගොඩගනු ලැබීය.

මන්නාරම සහ පුනරීන් අතර මුහුදු ප්‍රදේශයේ ඉරණතිව් දූපතේ සිට එල්. ටී. ටී. ඊ. ය විසින් 1998.09.29 දින එල්ල කළ මිසයිල ප්‍රහාරයකට ගොදුරුවීමෙන් පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ඇන්ටනොව් 24 වර්ගයේ මෙම මගී ගුවන් යානය මුහුදට කඩාවැටී අතුරුදන් විය.

එම අවස්‌ථාවේ එහි උතුරේ දෙමළ ජාතික සාමාන්‍ය වැසියන් 43 දෙනකු සහ කාර්ය මණ්‌ඩලයේ හත්දෙනකු ඇතුළු පනස්‌පස්‌ දෙනෙක්‌ ගමන් කරමින් සිටියහ. මෙදින එම යානයේ ගුවන් සේවිකාව වූවේ දර්ශනී ගුණසේකර මෙනවියයි.

පසුව මෙම ගුවන් යානය මන්නාරම මුහුදු තීරයට කඩාවැටුණු බවට තොරතුරු ලැබුණ ද එය කෙසේ වූවේදැයි අභිරහසක්‌ව පැවතුණි.උතුරුමැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥපති කොමදොaරු සරත් මොහොට්‌ටි, ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි අසංක කරවිට, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරි කාලිංග ජයසිංහ යන නිලධාරීහු ද මෙම අවස්‌ථාව නිරීක්‍ෂණය කිරීමට සහභාගි වූහ.

කිලිනොච්චි මහෙස්‌ත්‍රාත් එම්. වහාබ්දීන් මහතා ඉදිරියේදී මෙම යානයේ කොටස්‌ ගොඩගැනීම සිදුවිය.

ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩ ගත් අවස්‌ථාව..


*Parts of crashed Lion Air plane salvaged








*On September 29, 1998 air craft AN 24 carrying 48 civilians with eight crew including two Ukrainian pilots went missing. Later it was found that the air craft crashed into the Northern seas off Iranatheevu.




Gossip Lanka Hot News Previous News Archive