තවත් උල්කාපාත අවදානමක්‌ මැයි 31 වැනිදා !

මේ විශ්වයේ කිසිම දෙයක්‌ සදාකාලික නැහැ. ඒ බව සාක්‍ෂාත් කරමින් පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්‌ඩලය පමණක්‌ නොව අප සිටින ක්‍ෂීර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරු කටක. යෝධ අවකාශ වස්‌තු අපේ ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට ගමන් කරනවා. ඒ විතරක්‌ නොවෙයි චාක්‍රාවාටය හිමින්ම ඇදල අරගෙන අප සියලු දෙනා ගිල දමන්නට හැකි තරම් විශාල කලු කුහර මේ විශ්වයේ තිබෙනවා.

සැතපුම් 2 කටත් වඩා විශාල යෝධ උල්කාපාතයක්‌ මැයි මාසයේ 31 වැනිදා රාත්‍රි 9.50 ට පෘථිවිය පසුකර යන්නට සූදානම් බව ඇමරිකාවේ මැස වුසෙට්‌ස්‌ ප්‍රාන්තයේ කුඩා ග්‍රහ වස්‌තු පිළිබඳ "කේම්බ්‍රිඡ් මධ්‍යස්‌ථානයේ" විද්වතුන් පසුගියදා හෙළි කළා. එය පෘථිවිය පසු කරන විට පිහිටන්නේ අපට සැතපුම් තිස්‌හය ලක්‍ෂයක්‌ ඈතින්. එය පෘථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පසළොස්‌ ගුණයක දුරක්‌. විද්‍යාඥයන් මේ උල්කාපාතයට දී ඇති නම .1998 QE2. යන්නයි.

පසුගිය මාසයේදීත් QE2 නමැති උල්කාපතයත් පෘථිවිය පසු කරගෙන ගියා. මැයි 31 වැනිදා එන උල්කාපාතය ඒ වගේ නව ගුණයක්‌ විශාලයි. කේම්බ්‍රිඡ් මධ්‍යස්‌ථානය කුඩා අවකාශ වස්‌තු ගැන උනන්දු වන විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා කුඩා උල්කාපාත හඳුන්වන්නේ QE2 නමැති සංකේත නාමයෙන්. එයට කිසියම් සංඛ්‍යාවක්‌ එකතු කළවිට එයින් තේරුම් යන්නේ එය සොයාගත් අවුරුද්ද එය බවයි.

අලුත් උල්කාපාතය පෘථිවිය පසුකර යන අවස්‌ථාව අඩි 230 ක්‌ පළල ඩිෂ් ඇන්ටෙනාවක්‌ මගින් නිරීක්‍ෂණය කරන්නට කටයුතු යොදා තිබෙනවා.

1998 අගෝස්‌තු 19 වැනිදා මුල්වරට සොයා ගත් මේ උල්කාපතය නිරීක්‍ෂණය කරන්නේ නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා පිළිබඳ භාරකරුවන් වන JPL අංශයේ ආචාර්ය ලෝරන්ස්‌ බෙනර් ඇතුළු පිරිසක්‌. මතක තබාගන්න, කීර්තිමත් ලාංකීය විද්‍යාඥයකු වූ ආචාර්ය සරත් ගුණපාල වැඩ කරන්නෙත් නාසා ආයතනයේ JPL අංශයේම බව.

කෞෂල්‍ය විභූතිරත්න
Divaina

1998 QE2 Orbit Animation

Gossip Lanka Hot News Previous News Archive