විදුලි බිලට එරෙහිව අමුඩයක්‌ ගසා ගෙන රැස්‌වීමට එයි

වැඩි කළ විදුලි ගාස්‌තු පහත හෙළන ලෙස රජයට බලකරමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ආර්. අනුර බණ්‌ඩාර මහතා ඊයේ (30 දා) අමුඩයකින් සැරසී පන්දමක්‌ රැගෙන මාසික රැස්‌වීමට පැමිණියේය.

ඔහු සමඟ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා සහ චන්ද්‍රdනි බණ්‌ඩාර මහත්මිය ද උතුරුමැද පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ඡේ. ඒ. මුසාදින් යන මහත්වරු ද පැමිණියහ.විලච්චිය මානින්ගමුව හන්දියේදී ජනතාව විසින් රතිඤ්Æ පත්තු කර උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ පිරිස වාහනවල නැඟී ප්‍රාදේශීය සභා කාර්යාලය අසලට පැමිණියහ.මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ප්‍රාදේශීය සභා කාර්යාල භූමියට ඇතුළු වීමට සූදානම් වූ අවස්‌ථාවේ එහි ගේට්‌ටු වසා දැමූ සභා ලේකම් එන්. වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගමන වැළැක්‌වීමට උත්සාහ කළේය.


එම අවස්‌ථාවේ පිරිස සභා ලේකම්වරයා ඉවතට තල්ලු කර සභා භූමියට ඇතුළු වී කාර්යාලය තුළට යැමට උත්සාහ කළහ. එහිදී ප්‍රධාන දොරටුව අසල රැඳී සිටි ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ඔවුනට ඇතුළු වීමට ඉඩ නොදී වැළැක්‌වූහ.

එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ද ඇතිවිය.

ඒ සමඟම ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් කාර්යාලයේ දොර වැසීමෙන් පසු අනුර බණ්‌ඩාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඉන් ඉවත් වූහ.

ගොවි ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ තමන්ට අමුඩය පිටින් ප්‍රාදේශීය සභා රැස්‌වීමට යැමට අවශ්‍ය බව අනුර බණ්‌ඩාර මන්ත්‍රීවරයා ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටි අතර ඊට දැඩි විරෝධයක්‌ එල්ල විය. එබැවින් මන්ත්‍රීවරයා සමඟ පැමිණි ආධාරකරුවෝ දෙදෙනෙක්‌ තමන් හැඳ සිටි සුදු සරමක්‌ සහ කමිසයක්‌ ගලවා මන්ත්‍රීවරයාට ලබා දුන්හ.

අනතුරුව මන්ත්‍රීවරයා එම ඇඳුම්වලින් සැරසී සභාවේ මාසික රැස්‌වීමට ගියේය.

Gossip Lanka Hot News Previous News Archive