බකට් පහනේ ඉටි පහන් රැඳවීමට බුදුරුවක් යොදලා !

පිළියන්දල ප්‍රදේශයේ වෙළෙඳසලක වෙසක් සැරැසිලි නිර්මාණය කර බකට් පහනක බුදුරුව සහිත කාඩ්බෝඩ් රවුමක් ඉටි පහන් රැඳවීමට සලසා ඇත්තේ බුදුන් වහන්සේගේ නළල මත බවත්, මෙය බුදු දහමට පමණක් නොව බුදුන් වහන්සේ කෙරෙහිද අපහාසයක් සිදුව ඇති බවත් රාවණා බළකාය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

මේ පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවත්, තමන් ඒ පිළිබඳ පොලිස්පතිවරයා දැනුම්වත් කළ බවත්, මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදුවීම වහා නවතා දැමිය යුතු බවත් ඒ හිමියෝ පැවැසූහ.

බෞද්ධ ධර්මයට එරෙහි වන්නන් මෙවැනි ක්‍රියා මඟින් ශාසනයට කැළැලක් කිරීමට උත්සාහ ගන්නා බව පැවැසූ ඒ හිමියෝ මේ වෙළෙඳසලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් පැවැසූහ.


Gossip Lanka Hot News Previous News Archive