චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය - ICC Champions Trophy 2013

ලබන මස එංගලන්තයේදී ආරම්භ වන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අනිද්දා (27 දා) එංගලන්තය බලා පිටත්ව යැමට නියමිතය.සංචාරය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 14 දෙනාගෙන් අයි.පී.එල්. නියෝජනය කළ ක්‍රීඩකයන් බහුතරයක්‌ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම 27 දා පස්‌වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයෙන් අදාළ සංචාරය සඳහා පිටත්ව යැමට නියමිතය.

හත්වැනි වරටත් පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්‌ඩායම් අට සහභාගි වේ. තරගාවලිය ජුනි මස 6 වැනිදා සිට 23 දා දක්‌වා එංගලන්තයේ කාඩිf, එඩ්බැස්‌ටන් සහ ද ඕවල් ක්‍රීඩාංගණවල ක්‍රියාත්මක වේ.තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරහුරු තරග තුනකට සහභාගි වන අතර එහි පළමු පෙරහුරු තරගය මෙම 30 දා පාකිස්‌තානය සමගත් දෙවැනි පෙරහුරු තරගය ජුනි 1 දා ඉන්දියාව සමගත් තෙවැනි පෙරහුරු තරගය ජුනි 4 දා බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගත් පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගාවලියේ ඒ කාණ්‌ඩයෙන් තරග වදින අතර එම කාණ්‌ඩයේ සෙසු කණ්‌ඩායම් ලෙස ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. බී කාණ්‌ඩයෙන් ඉන්දියාව, දකුණු අප්‍රීකාව, පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් තරග වදිති.එක්‌ කාණ්‌ඩයකින් කණ්‌ඩායම් දෙක බැගින් කණ්‌ඩායම් හතරක්‌ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකාවේ පළමු තරගය ජුනි 9 වැනිදා නවසීලන්තය සමගින් පැවැත්වේ. දෙවැනි තරගය 13 වැනිදා එංගලන්තය සමගින්ද තෙවැන්න 17 වැනිදා ඔස්‌ටේ්‍රලියාව සමගින් පැවැත්වීමට නියමිතය.

හත්වැනි වරටත් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ශ්‍රී ලංකාව කිසිදු අවස්‌ථාවක ශූරතාව දිනා ගැනීමට අපොහොසත්ව සිටින අතර මෙම තරගාවලිය මෙවර පැවැත්වනුයේ අවසන් වරට බවට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය දන්වා තිබේ. එබැවින් අවසන් වරට පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන දිනා ගැනීම සඳහා කණ්‌ඩායම් අටම ප්‍රබල සටනක නිරත වනු ඇතැයි දැනටමත් විචාරකයන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, රංගන හේරත්, ලසිත් මාලිංග, ජීවන් මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, ෂමින්ද එරංග, දිල්හාර ලොකුහෙට්‌ටිගේ




Gossip Lanka Hot News Previous News Archive