වර්ජනය සාර්ථකයි - Strike success TU , K.D.Lal Kantha

විදුලි මිල ඉහළ එරෙහිව අද දිනයේ ක්‍රියාත්මක කල සංකේත වැඩ වර්ජනය සාර්ථක වූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩි.ලාල්කාන්ත මහතා පැවසුවේය.පසුගිය අප්‍රිල් මස 28 වනදා ප්‍රකාශයට පත් කල වැඩ වර්ජනය අදින් අවසන් කරන අතර මෙමගින් රජයට විශාල පීඩනයක් බලපෑමක් එල්ල කිරීමට හැකි වූ බව ඔහු පැවසිය.

අඩුකළ විදුලි මිල ප්‍රෝඩාවක් බවත් එය ජනතාවට පෙන්වා දීමත් සමග ජනතාවගේ ඊට එරෙහිව පෙළගැස්වීම සාර්ථක වුවත් තම ඉල්ලීම් දිනාගැනීමට නොහැකි වූ බව ප්‍රකාශ කළේය.බොරැල්ල, නුගේගොඩ, මොරටුව, නුවර, තඹුත්තේගම සහ නාරාහේන්පිට තැපැල් සේවක පැමිණීම ඉතා අඩු බවත්, ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරය අද උදැසන වර්ජනය කළ අතර එහි සේවකයන් පසුව ‘පිකටින්‘ ව්‍යාපාරයක් ඇරඹු බව හෙතෙම සඳහන් කළේය.කටුනායක හා බියගම ගාම්න්ට් 15ක් සම්පුර්ණයෙන් වසා ඇතැයි ද, අනුරාධපුර පාසල් රැසක ගුරු පැමිණීම අඩුවී ඇති අතර, හලාවත හා ගාල්ල කළුවැල්ල නගරවල කඩ සාප්පු වසා දමා ඇතැයි ද, ඇහැලියගොඩ කඩසාප්පුවල කළු කොඩි ඔසවා ඇතැයි ද, වතුකරයේ තේදළු නෙළීමද විශාල වශයෙන් අඩු වී ඇතැයි ද ඔහු කීය.
වර්ජනයට සහය දෙමින් වැඩ වර්ජනය සදහා සහභාගිවූ කිසියම් සේවකයෙකුට හෙට දිනදී එම ආයතනවලින් බලපෑමක් එල්ලවන්නේනම් ඔවුන් වෙනුවෙන් පෙනීසිටින බවත් නිතීඥ සංගමය ඔවුන් සඳහා නොමිලේ නීතිමය කටයුතු කරදීමට සුදානමින් සිටින බවත් වැඩි දුරටත් කියා සිටියේය.

වෙසක් සතියෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
කේ ඞී ලාල් කාන්ත මහතා




මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා වර්ජනය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්.


විදුලිබිල වැඩි කිරීමට විරුද්ධව වෘත්තීය සමිති විසින් අද (21) කැඳවා ඇති වැඩවර්ජනයට සමගාමීව ඊට සහය පළකරමින් වරාය අධිකාරීයේ සේවකයින් පිරිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත විය. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ දසුන් පෙළකි මේ.


Gossip Lanka Hot News Previous News Archive