දරුවෙක් අවශ්‍යයි.. මේ අවුරුද්දේ ඒ ගැන හිතනවා - Wathsala Diyalagoda

• වත්සලා නිළියක් වෙන්න කලින් මොන වගේ චරිතයක්ද?
බොහොම සාමාන්‍ය කෙල්ලෙක්.

• නිළියක් වෙලා අවුරුදු කීයද?
අවුරුදු පහයි

අවුරුදු පහකට කලින් හිටපු වත්සලායි, දැන් වත්සලායි එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
අම්මෝ දෙන්නෙක්. ඒ කාලේ මම ගෙදර ඉන්නවාද කියලා හොයාගන්නවත් බෑ. හරිම ලැජ්ජයි බයයි. ඒත් දැන් මම ඊට හාත්පසින්ම වෙනස්.

• ඒ කියන්නේ නිළියක් වෙලා ලැජ්ජාවයි, බයයි නැතිවුණා...?
වැරැදි දේ කරන්න අදටත් මම ලැජ්ජයි, බයයි. ඒත් ඒ කාලේ තිබුණු අනවශ්‍ය සබකෝලය නම් දැන් නෑ... මට මං ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා.


• චරිතයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවාද?
කරන්න පුළුවන් දෙයක් නම් කරනවා.

කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත් වෙන්න පුළුවන්ද?
අම්මෝ බෑ... කොයිතරම් හොඳ නිර්මාණයක් වුණත් අඩ නිරුවත් තියා අනවශ්‍ය කෙටි ඇඳුම්වත් අඳින්නෙ නෑ.

• වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්...?
පිස්සුද? යනවා තියා හිතන්නෙවත් නෑ.

• එවැනි කැපකිරීම් නොකර චරිතාංග නිළියක් වෙන්න පුළුවන්ද?
ඔහොම චරිතාංග නිළියක් වෙනවට වඩා හොඳයි නිළිකම අතහැරලා ගෙදර ඉන්න එක. අනික් එක අඩ නිරුවත් නොවුණාට, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟ නොපෑවාට චරිතාංග නිළියක් වෙන්න බැරිද?

• වත්සලා ප්‍රසිද්ධ ද?
නෑ... ඒත් ටිකක් ජනප්‍රියයි.

• නළුවෝ කී දෙනෙක් ඔබේ ආදරේ පැතුවාද?
නළුවෝ ආදරය පතන්න කලින් ප්‍රසංග මගේ ආදරේ පැතුවානෙ.

• ඔබ නළුවො කීදෙනක්ට ආදරේ කළාද?
හැමෝටම කලින් ප්‍රසංග මගේ ආදරේ දිනාගත්තා... ඒ විතරක් නෙවෙයි, මාව විවාහ කරගත්තා.

• ඔය ප්‍රථම ප්‍රේමය නෙවෙයිනේ...?
ඔව්...

• ප්‍රථම ප්‍රේමය තාම මතකද?
මතක් කරන්න උත්සාහ ගන්නෙ නෑ.

• ආදරවන්තියක් වෙන්න සුදුසු වයස කීයද?
අවුරුදු 18

• එතකොට විවාහ වෙන්න?
අවුරුදු 25.

ඒත් ඔබ අවුරුදු 21දී විවාහ වුණා... ඒ කියන්නේ ඒක වැරැදි තීරණයක්ද?
මට වැරැදුණේ නෑ... ඒත් හැමෝටම හරියන්නෙත් නෑ... සමහර විට මම 21දී නොබැන්දානම් මට වැරදෙන්න තිබුණා... 25 කියන්නේ හොඳ නරක තීරණය කරන්න, ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් වයසක්. වාසනාවට මට ප්‍රසංග වගේ කෙනෙක් ලැබුණ නිසා හරි ගියා. ඒත් නොගැළපෙන වයසෙදී නොගැළපෙන අය විවාහ කරගෙන අද රටේ කී දෙනෙක් දුක් විඳිනවාද?

• නිළියන්ට විවාහය ඉල්ලමක්ද?
ඉල්ලමක් කරගන්න අයත් ඇති. මට ඉල්ලමක් වුණේ නෑ.

• විවාහය තවත් ආදරයකට බාධාවක්ද?
අපෝ ඔව්... එහෙම කරනවා නම් චපලකමක්නේ.

• පතිවත රකින්න ඕනෑ ගැහැනු විතරද?
නැහැ. ගැහැනියට පුළුවන්නම් ඇයි පිරිමියාට බැරි.

• ලංකාවේ කෙල්ලො මේ තරම් දික්කසාද වෙන්නෙ ඇයි?
එකට ජීවත් වෙන්න බැරිනම් වෙන මොනවා කරන්නද?

• ෆැෂන් කරනවාද?
ඔව්.

• දිගට තිබුණු කොණ්ඩෙ කපලා ස්ට්‍රේට් කළේ මොඩ් වෙන්නද?
නෑ... මේන්ටේන් කරන්න බැරි නිසා ඉස්සර තිබුණේ කර්ල් කොණ්ඩයක්. ස්ට්‍රේට් කළාම පහසුයි කියලා හිතුණා. අනිත් එක මේ කොණ්ඩා මෝස්තරය ගැළපෙනවා කියලත් හිතුණා.

• මාසෙකට විලාසිතා වෙනුවෙන් කොයිතරම් මුදලක් වැය කරනවාද?
ගණන් හදලා නම් නෑ... අවශ්‍ය දේට වියදම් කරනවා.

• හම්බකරන මුදල් විලාසිතාවලටයි පෙට්රල්වලටයි ඇතිද?
මට හොඳ සැමියෙක් ඉන්නවානේ... මගේ ළඟ නැත්නම් එයා ඒවා ගැන හොයල බලනවා.

• නංගි නිළියක් වුණෙත් අක්කාට නිළියක් වෙලා හරිගිය නිසාද?
වෙන්නත් ඇති. ඊටත් වඩා එයාට හැකියාවත් තිබුණ නිසා.

• ඔය ජීවිතේට දරුවෙක් කරදරයක්ද?
අම්මෝ නෑ... දරුවෙක් අවශ්‍යයි... මේ අවුරුද්දේ ඒ ගැන හිතනවා.


හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Gossip Lanka Hot News Previous News Archive