කාටවත් බය වෙන ජාතියේ ගෑනියෙක් නෙමෙයි මම - Geetha Kumarasinghe

"චණ්ඩි නෑ, ඒත් නයාට වඩා හැපින්න සැරයි"
ජනප්‍රිය නිළි ගීතයි, දේශපාලනයේ ඉන්න ගීතයි වෙනස්ද?
දෙවිදියකින් ජනතාවට සමීපයි. 

සිනමාවේ යුග බිහි කළ නිළියන් අතරේ ඔයත් එක් කෙනෙක්?
ඔව්. විජය, සනත් යුග බොහොම ජනප්‍රිය වුණා.

ඒ අතරෙන් හොඳම ප්‍රේමවන්තයා වුණේ කවුද?
විජය

ඇයි ඒ?
විජයත් එක්ක ගැළපීම වෙන්නැති.විජයගේ ආකර්ෂණයත් බලපාන්නැති.ඔයාට හැම දෙයක්ම ඉහටත් උඩින්

තියෙද්දී ඇයි දේශපාලනයට ආවේ?
හැමදේම ලබපු මට හිතුණා අවංකවම ජනතාවට වැඩ කරන්න.



හිතට එකඟවම කියනවා නම් ඔයාට ඕනෑ වුණේ බලය නෙවෙයිද?
බලය! ඕනෑ නම් මට තියෙනවා.ජනප්‍රියත්වය, මුදල් තියෙනවා නම් බලයකුත් තියෙනවානෙ.

ඔයත් එක්ක රඟපෑ නළු නිළියොත් මැතිbසබයේ ඉන්න හින්දා නෙමෙයිද?
නෑ. ඒ හින්දා නෙමෙයි.

ඒගොල්ලෝ මැති සබයට ගියා කියලා මොකක්ද වෙච්ච සේවය?
ඒගොල්ලෝ ජනතාවට කරන්න පුළුවන් හැම සේවයක් වෙනුවෙන්ම කැප වුණා.

ඔය කියන විදිහට සිනමාවටත් සේවයක් වුණාද?
ඇයි නැත්තෙ.

මොන වගේ දේවල්ද?
එක පාරට එකින් එක කියන්න මේ දැන් මතක් කරගන්න බෑ.

ඔයා මැති සබයට ගියොත් වෙනසක් වෙයිද?
දැනටමත් මම මගේ ආසනය තුළ වෙනසක් ඇති කරලයි තියෙන්නෙ. තවදුරටත් මං උපරිමයෙන් වැඩ කරනවා.


ඔයා එදා දේශපාලන වේදිකාවට ගොඩ වුණේ යූ. එන්. පී. යෙන් නේද?
නෑ. ව්‍යාපාරිකාවක් හැටියට ගොඩ නැඟෙන්න

යූ. එන්. පී.යෙන් උදවු ලැබුණෙත් නැද්ද?
අපි ව්‍යාපාර කළේ මගේ සැමියාගේ  සල්ලිවලින්. ඒත් ඒකාලේ හිටපු ජනාධිපතිතුමා අපිට විතරක් නෙමෙයි ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බොහෝදෙනාට අවස්ථාව දුන්නා.

ඒකාලේ ඔයාට මැර තර්ජනයත් තිබුණා කියන්නෙ ඇත්තද?
ඔව්. හරියට මැර තර්ජන ආවා.

කොහොමද ඒවාට මුහුණ දුන්නෙ?
සුපුරුදු පරිදි මුහුණ දුන්නා. මැරයන්ටවත් කාටවත් බය වෙන ජාතියේ ගෑනියෙක් නෙමෙයි මම.

දැනුත් ඔයා චණ්ඩි චරිතයක් වෙලාද?
චණ්ඩි චරිතයක්. නෑ. කවදාවත් නෑ. ඒත් නයාට වඩා හැපින්න සැරයි.

මොකක්ද අර කෝපි කෝප්ප කතාව?
ඒ ගැන මම පැහැදිලිවම කියන්නම්. ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය උප සභාපති රැස්වීමට ආවේම රණ්ඩුවක් ඇද ගන්න.

ඒ ඇයි?
මගේ ගමන වළක්වන්න එයාට ලොකු වුවමනාවක් තියෙනවා. ඒ වෙලාවේ නිල් බල රැල්ල තද බල ලෙස විවේචනය කළා. ඒකට විරෝධය පෑවාම අසභ්‍ය වචනයෙන් බැන්නා. ඒ විදියට උත්තර දෙන්න මට බෑ. අතේ තිබුණු කෝප්පෙ කෝපි ටික වීසි කරපු එක ඇත්ත.

කෝපි කෝප්පයෙන් ගැහුවේ නැද්ද?
නෑ. ඒ සිද්ධිය වෙලා තත්පර ගාණක් යනකොට මම කෝපි කෝප්පෙන් ගැහුවා කියලා පත්තරවලට කිව්වා.

ජනප්‍රිය නිළියක්ව ගත කරපු කාලය ගැන මොකද හිතෙන්නෙ.
ඒ ජනප්‍රියකම අදටත් අඩුවක් නෑ. ඒ හැම දෙයක්ම වාසනාවක්.

එතරම් ජනප්‍රිය කෙනෙක් වෙච්ච ඔයාට විවාහ වෙන්න තරම් කෙනෙක් ලංකාවේ හිටියේ නැද්ද?
එහෙම හිතන කොට දෛවය කියන්නෙ පුදුම දෙයක් කියලා හිතෙනවා. ලංකාවේ හිටියා. ඒත් ඒ තීරණයට මං කැමැති වුණා.

මෙතරම් සුරූපී ඔයාට නළුවකුගෙන්වත් යෝජනාවක් ආවේ නැද්ද?
ඕනෑ තරම් තිබුණා. දැනුත් තියෙනවා. ඉතින් ඒවා එක වචනයකින් දෙකකින් කියන්න බෑ.

ඇයි ඒ යෝජනා ප්‍රතික්‍ෂේප කළේ?
අකැමැති වුණේ නෑ. ප්‍රේමයෙනුත් හිටියා.

ඇයි ඔයා ක්‍රිස්ට කැමැති වුණේ? එයාගේ හොඳ ගති ගුණවලට.

ඒත් දැන් ඔහු ජීවත් වෙන්නෙ විදෙස් ගතවනෙ?
දැනුත් ලංකාවට ඇවිල්ලා ඉන්නෙ.


පදිංචිය මෙහේ නෙමෙයිනෙ?
පිටරට ව්‍යාපාර ගොඩක් තියෙන හින්දා ලංකාවේ රැඳෙන්න බෑ. මටත් ස්විස්ටර්ලන්තයේ පදිංචියට කතා කළත්
මට මේ රට දාලා යන්න බෑ. තාරිකා දුව ගැන මොකද හිතෙන්නෙ. එයා මගේ ජීවිතේ. මං එයාට ආදරේට කියන්නෙ රිකා කියලා.

දුව ළඟ නැති එක ගැන දුක නැද්ද?
මේ මාසේ 13 ලංකාවට එන්න හිටියත් තව සති දෙකක් විතර පහු වෙනවා. එයා එනකල් මං හරිම ආසාවෙන්
බලා ඉන්නවා. ඔයාව නිළියක් හැටියටද දේශපාලන චරිතයක් හැටියට දකින්ද දුව කැමැති. ඔය දෙකටම නෙවෙයි. අම්මා විදිහටදකින්නයි එයා කැමැති. දේශපාලනයේ ඉන්නවාට නම් පොඩ්ඩක්වත් කැමැති නෑ. වරක් ඔයා අපිට කිව්වා ඔයා හොයන


ආදරේ ඔයාට ලැබිලා නෑ කියලා. තාමත් එහෙමද?
බිලියනයක ගෙන් තරම් ඇහුවත් ලැබෙන්නෙ ඔය උත්තරේම නෙ. ලද දෙයින් සතුටු වෙනවා මිසක් මොනවා කරන්නද? ජීවිතේ ගැන පුදුම හිතෙනවා. හිතන්න බැරි දේවල් නෙසිද්ධ වෙන්නෙ.

ඒ මොනවාද?
මේ හැම දෙයක්ම. ඒ වුණත් දීර්ඝ කාලයක ඉඳලා බැඳිච්ච ප්‍රේමයක් ඔයාට තියෙනවා කියන එක


ප්‍රසිද්ධ කතාවක් නෙ.?
ඒක ප්‍රේමයක් නෙමෙයි. බොහොම ළඟ බැඳීමක්.


ප්‍රේමයයි බැඳීමයි අතරේ ලොකු වෙනසක් තියෙනවාද?
මට මගේ ජීවිත කතා පොත ලියන්න අදහසක් තියෙනවා. ඔය හැම දෙයක්ම ඒකට ඇතුළත් වෙයි.


මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න දෙයක් හිතේ තියෙනවා කියලා කිව්වෙත් ඒ ගැනද?
මම එහෙම එකක් කිව්වද? අනේ මට මතක නෑ.

Gossip Lanka Hot News Previous News Archive