අපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala

හෂිනි ගෝනගල කියන්නේ නැටුම් කලාව උපත්තියෙන් උරුමකර ගෙන පැමිණි සුන්දර යුවතියක්.දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් හි තරඟකාරිණියක වශයෙන් කටයුතු කරන ඇය මේ වන තවත් සිනමා පටයකට ද තම රංඟන දායකත්වය සපයා දී තිබෙනවා.

විවිධ ක්ෂේත්‍රයන් හි දක්ෂතා දක්වන මේ පුංචි සුරතලිය මේ ක්ෂේත්‍රයට ආවේ තනියම නම් නෙවෙයි.ඇයට මේ ක්ෂේත්‍රයට එන්න අත හිත දුන්නේ තවත් සුපිරු තරුවක්.ඔහු තමයි ගායකයෙකු මෙන්ම රංඟන ශිල්පියෙකු වශයෙන් ද නමක් දිනා සිටින දුෂ්‍යන්ත් වීරමන්.දුෂ්‍යන්ත්ගේ නර්තන තරඟයකදී තම සහකාරිය වශයෙන් තෝරාගත්තේ හෂිනි.ඉන්පසුව ඔහුගේ රූප රචනා වල,සංගීත ප්‍රසංග වල හෂිනි නිරන්තරයෙන් පෙනි සිටියා.මොවුන්ගේ ප්‍රේමාවින්ත රංඟනයන් නිසාවෙන් කලා ලෝකයේ තුළ මොවුන් දෙදෙනා පෙම්වතුන් යයි රාවයක්ද පැතිර ගියා.

නමුත් කාලේක දී කිරි පැණියි වගේ එකට හිටපු මේ දෙන්නා මෑතක පටන් එකට රංඟනයේ යෙදෙනවා දකින්නට ලැබුණේ නෑ.මේ ගැන හෂිනි ගෝනගල නම් මේ සුන්දර තරුණිය සති අන්ත පුවත්පතකට මෙසේ පවසා සිටියා.


අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා,උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් නැතිවම ඒ වගේ දෙයක් පැතිරෙන එක හොඳ නැ නේ.මේ වගේ කටකතා හින්දා අපි වෙන් වෙලා වැඩ කරන්න තිරණය කරා.එයා එයාගේ ගමන යනවා.මම මගේ ගමන යනවා.මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්.ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා

Gossip Lanka Hot News Previous News Archive