අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් අත්අඩංගුවට - High-tech scanner detected

අඩි සියයකට යට පොලව ගර්භයේ ඇති දෑ දැකීමටත් හඳුනා ගැනීමටත් හැකි ස්කෑන් යන්ත්‍රයක් රහසේ ප්‍රවාහනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙක් පිටකොටුවේ දී විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.අ‍ෙමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ගෙනා බව කියන මේ යන්ත්‍රය උපයෝගීකරගෙන පොළව අභ්‍යන්තරයේ නිධන් වස්තු සොයාගත හැකි තාක්ෂණය ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනා කන්තලේ හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.ඇමරිකාවේ සිටින මොවුන්ගේ හිතවතෙකු යන්ත්‍රය මෙරටට එවූ බව සැකකරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා තිබේ.

ආරක්ෂක අංශ සැකකටයුතු පුද්ගලයන්ගේ සිරුර පරීක්ෂා කිරීමට භාවිතා කරන කුඩා යන්ත්‍රය වැනි මේ ස්කෑන් යන්ත්‍රය සමඟ ලැප්ටොප් යන්ත්‍රයක්,පෙන්ඩ්‍රයිව් එකක් හා ජංගම දුරකථන දෙකක් සැකකරුවන් ලඟ තිබී සොයාගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බරෙ දී තිබේ.

.

Gossip Lanka Hot News Previous News Archive