කොටි හිතවාදියෝ පිටියට පනිති - Tigers on Cardiff grounds!

ඊයේ කාඩිෆ්හි පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය ආරම්භ වීමට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසිදෙනකු පමණ පිටියෙන් පිටත රැඳී සිටියද, පසුව 200ක් පමණ දෙනා තැනින් තැන ගැවසෙමින් විරෝධතා දක්වා ඇති අතර, විවේක කාලයේදී ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලාංකිකයන් සිටින තැන්වලට ගොස් "උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද" යනුවෙන් විමසා තර්ජනය කළ හෙයින්, ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ.

මෙම තරගය පැවැත්වීමට මොහොතකට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදී දමිළ ජාතිකයන් 20 දෙනකු පමණ ක්‍රීඩාංගණය අසල අත්පත්‍රිකා බෙදමින්, බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිණි. ඒ අසල පොලිස් නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් රාජකාරියෙහි යෙදී සිටි අතර, පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් එම විරෝධතා වීඩියෝ ගත කරන ලදී.

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දිනයේදී තරගයෙන් පසුව එවන් විරෝධතාවක යෙදුණ පිරිසක් හා ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් අතර ගැටුමක් සිදු වූ අතර, ඊට එකට එක කිරීමක් ලෙසින් ඊයේ දිනයේ විරෝධතාව ප්‍රබල එකක් ලෙස සංවිධානය කිරීමට ඔවුන් උත්සාහ කොට තිබුණද එයද අසාර්ථක වී තිබූ බව පැමිණ සිටි සුළු පිරිසෙන් පෙනුණි.


එනම් ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම සඳහා කාඩිෆ් වෙත පැමිණෙන ලෙසත්, එහි යෑමට සූදානම් වන අය වෙනුවෙන් නොමිලේම ප්‍රවාහන පහසුකම් සලසන බවත් දන්වමින් පෙරේදා සමහර ප්‍රදේශවල අත්පත්‍රිකා බෙදාහැර තිබුණද, ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණ බවක් ඊයේ ඊට සහභාගි වී සිටි කුඩා පිරිසෙන් පෙනෙන්නට නොතිබීමද විශේෂත්වයකි.

මේ අතර ඊයේ තරගයේ 49 වැනි පන්දු වාරයේදී එල්. ටී. ටී. ඊ. ධජය රැගත් දෙමළ ජාතිකයකු ක්‍රීඩාපිටියට කඩාවැදුණු අතර, ඔහු බි්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අතර නැවතත් එංගලන්ත වේලාවෙන් පස්වරු 4.30ට පමණ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී එම පිරිසේ සිටි පස්දෙනකු පමණ ක්‍රීඩා පිටියට නැවැතත් කඩා වැදී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් එංගලන්තයේ වේල්ස් පොලිසිය එක් අයකුට පවුම් 1000 බැගින් දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.










Gossip Lanka Hot News Previous News Archive