වසර දහයක්‌ම කැසිනෝ බද්ද නවතී!

කැසිනෝ ව්‍යාපාරයට අදාළ බදු වසර 10 ක කාලයක්‌ සඳහා ඉවත් කිරීමට රජය පෙරේදා (18 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊයේ (19 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දැක්‌වූ හර්ෂ ද සිල්වා මහතා කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු නිදහස දුන් එකම රට බවට ශ්‍රී ලංකාව ගිනස්‌ පොතට ඇතුළත් වන බවත් මේක ලෝක වාර්තාවක්‌ බවත් කීය.

ඡේම්ස්‌ පැකර් නමැති ලොව සිටින ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයාගෙන් කැසිනෝ බදු ඉවත් කර ගැනීමත්, දේශීය ව්‍යාපාරිකයාට බදු බර පැටවීමත් මහා අසාධාරණයක්‌.ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ හා මුදල් ඇමැතිගේ අනුමැතිය පරිදි මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. වගකිවයුතු විපක්‍ෂයක්‌ හැටියට අපි මීට එරෙහිව පියවර ගන්නවා"යෑයි ද මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙහිදී සිදුකිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරික කටයුතු සඳහා 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනතට අනුව එම ව්‍යාපාරය කරගෙන යාමෙන් ලැබෙන දළ ආදායම මත සියයට 05 ක බද්දක් අයකරනු ලබයි. එම බද්දට පාරිභෝගිකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට ලබාදෙන පාරිතෝෂිත දීමනා වියදම්/ වට්ටම්/ සංඝටිත ගාස්තු ඇතුළත් බදු අයත් නොවන බව සඳහන්ය.

 ලබාදී තිබෙන බදු සහන පහත පරිදිය

1. සමාගම් ආදායම් බද්දෙන් නිදහස් කිරීම - අවුරුදු 10ක කාලයක් සඳහා. (Exemption of Corporate Income Tax) - For a period of ten (10) years

2. ලාභාංශ මත බදු වලින් නිදහස් කිරීම - බදු නිදහස් කාල සීමාව තුල හා ඊට පසු එක් අවුරුද්දක කාලයක්. (Dividend Tax exemption) - During the tax exemption period and one year thereafter.

3. රේගු බදු වලින් නිදහස් කිරීම - ව්‍යාපෘතියට අදාල වන සියළුම ප්‍රාග්ධන අයිතමයන් සඳහා ද ආයෝජන මණ්ඩලය මගින් අනුමත කරන අනෙකුත් අයිතමයන් සඳහා ද වේ. (Exemption of Customs Duty) - All project related items in capital nature and any other project related items as approved by the Board.

4.එකතු කල අගය මත බද්දෙන් නිදහස් කිරීම– දැනට රටේ පවතිනා නීති රෙගුලාසි වලට යටත්ව ව්‍යාපෘති ආරම්භක කාල සීමාව තුල. (Exemption of Value Added Tax) - As per the provisions of the present law within the project implementation period of five years.

5.වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් කිරීම - දැනට රටේ පවතිනා නීති රෙගුලාසි වලට යටත්ව ව්‍යාපෘති ආරම්භක කාල සීමාව වන අවුරුදු 05ක කාල සීමාව තුල. (Exemption of Port and Airport Development Levy (PAL)- As per the provisions of the present law within the project implementation period of five years.

6.ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් බදු ගෙවිමෙන් නිදහස් කිරීම - සංශෝධිත 2005 අංක 5 දරණ මුදල් පනතේ විධිවිධාන මත ව්‍යාපෘති සමාගමේ කොන්ත්‍රාත්කරු / කොන්ත්‍රාත්කරුවන් සහ උපකොන්ත්‍රාත්කරුවන් එම බද්දෙන් නිදහස් වීම. Exemption of Construction Industry Guarantee Fund Levy –For the contractors under the Finance Act No. 5 of 2005 in relation to the project.

7.රඳවාගැනීමේ බද්දෙන් නිදහස් කිරීම - පහත දැක්වෙන ආකාරයෙනි - Exemption of Withholding Tax – On following : a) ප්‍රාග්ධන වියදම සදහා ලබාගත් විදේශ ණය මුදල් සහ ණය ගැනීම් නිසා ගෙවන පොළිය මත සහ තාක්ෂණික ගාස්තු මත රදවා ගැනීමේ බදු අයකිරීමෙන් සහ ගෙවීමෙන් ව්‍යාපෘති සමාගම නිදහස් වේ. The project company will be exempted from the deduction of Withholding Tax on payments on interest on foreign loans taken for capital expenditure and technical fees.

b)ව්‍යාපෘති සමාගම කළමණාකරන ගාස්තු, පුරස්කාර ගෙවීම් සහ අලෙවි ගාස්තු මත රඳවා ගැනීමේ බදු අය කිරීමෙන් සහ ගෙවීමෙන් නිදහස් විය යුතුය. එසේ වූවද, මෙම එක් එක් අයකිරීම් හා ගෙවීම් පහත සඳහන් සීමාවන්ට අදාළ කරගත යුතුය. එනම්, මූලික කළමණාකරන ගාස්තු / පුරස්කාර ගෙවීම්, මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ දළ ආදායමෙන් සියයට තුනකට (3% කට) වඩා වැඩි නොවිය යුතුය. අලෙවි ගාස්තු, මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ දළ ආදායමෙන් සියයට එකයි දශම පහකට (1.5% කට) වඩා වැඩි නොවිය යුතුය. දිරි දීමනා, කළමණාකරන ගාස්තු, මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ දළ ලාභයෙන් සියයට දහයකට (10% කට) වඩා වැඩි නොවිය යුතුය. The project company will be exempted from the deduction of Withholding Tax on payment on management fees, royalty payments and marketing fees provided the fees are at three per centum (3%) of gross operating revenues by way of basic management fees / royalties, marketing fees at one point five per centum (1.5%) of gross operating revenue and at ten per centum (10%) of gross operating profits by way of incentive management fees.

8.උපයන විට ගෙවීම් බදු - සේවකයන් විස්සක (20ක) උපරිමයට යටත්ව, ව්‍යාපෘති සමාගමේ වාණිජ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය ආරම්භ වන දින සිට එළඹෙන ඉදිරි වසර පහක (05ක) කාලසිමාවක් දක්වා අදාළ කරගත යුතුය. Exemption of PAYE Tax - For maximum number of 20 employees. This concession shall be applicable for a period of Five years.

9.විනිමය පාලන රෙගුලාසි වලින් නිදහස් කිරීම Exemptions from Exchange Control Regulations : The project company will be exempted from the provisions of Part, I, IA, II, III, IV, V and VI of the Exchange Control Act and this exemption will be solely applicable to the approved business activity of the project. The project company is entitled to open and operate a Foreign Currency Banking Unit (FCBU) in any commercial Bank of Sri Lanka for the purpose of the project.

10.Other Applicable Taxes, Levies and Fees : ව්‍යාපෘති සමාගම රටේ පවතින අනෙකුත් සියළුම බදු, ගාස්තු හා අයබදු ගෙවිමට යටත් වේ. The project company is liable to pay all other applicable taxes, fees and levies applicable under the normal laws of the country.

Gossip Lanka Hot News Previous News Archive