දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගය ශී‍්‍ර ලංකාවෙන්

2013 වසරේ දකුණු ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධන වේගය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. එසේම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගතිය පිළිබඳ සර්වශුභවාදී ලෙස ආසියානු සංවර්ධන බැංකුව අදහස් පළකර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව දකුණු ආසියාවේ සෙසු රටවල ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පවතී.2013 වසරේ දී ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.8ක්% වනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි. 2013 වසරේ යහපත් වර්ධනයක් සමඟ 2014 වසරේ දී ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.2% දක්වා වර්ධනය වනු ඇත. ආසියාවේ සංවර්ධනය වන රටවල් 45 වර්ධන වේගය 6.3% ක අගයක් ගනී.
දකුණු ආසියාවේ සාමාන්‍ය වර්ධන වේගය 5.6% ක් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. දකුණු ආසියාවේ විශාලත ම ආර්ථිකය වන ඉන්දියාවේ වර්ධන වේගය 2013 දී 5.6% ක් ද 2014 දී 6.2% වන බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.එසේම ශී‍්‍ර ලංකාව හා සැසඳීමේ දී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පකිස්ථානය යන රටවල ආර්ථික වර්ධනය 2012 හා සැසදීමේ දී අඩු මට්ටමක් පෙන්නුම් කරන බවත් දේශපාලන වශයෙන් සිදුවන සංක‍්‍රාන්ති ඇතැම් රටවල ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදනයට බලපා ඇති බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

Gossip Lanka Hot News Previous News Archive