එංගලන්තයේ හොරෙන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවට - Lankan illegal workers nabbed in UK

නීති විරෝධී ලෙස විවිධ ආයතනයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත. එංගලන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආගමන බලාත්මක නිලධාරීන් පිරිසක් එරට බ්ලැක්පුල් හිදී සිදුකළ මෙහෙයුමක දී ආපනශාලා දෙකක සේවය කරමින් සිටි නීති විරෝධී සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වීසා කාලය ඉක්මවා වැඩ කරමින් සිටි වයස අවුරුදු 21 හා 22 අතර වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන අතර මේ සියලු දෙනාම එක්සත් රාජධානියෙන් පිටමන් කිරීම සදහා රඳවාගෙන ඇතැයිද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.නීති විරෝධී සංක්‍රමණිකයන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතන දෙකට සිවිල් නීති සංග්‍රහය යටතේ නොතිසි නිකුත් කිරීමට නියමිත අතර සේවයේ යෙදවීමට පෙර අවශ්‍ය කරන නීතිමය පරීක්ෂාවන් කළ බවට සාක්කි ඉදිරිපත් කිරීමට සේව්‍යයා අපොහොසත් වන්නේ නම් සේවයේ යෙදවූ සේවකයෙක් වෙනුවෙන් පවුම් 10,000 ක දඩයක් නියම කෙරේ.

නීති විරෝධී ලෙස සේවයේ යෙදවීමෙන් නීති විරෝධී සංක්‍රමණය දිරි ගැන්වෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙවැනි මෙහෙයුම් හරහා එවැනි ක්‍රියාවන් නවතන බවද ව්‍යාපාරිකයන් සිය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් කළයුතු බවද කියාසිටී.


නීති කඩකරන්නන්ට ඒ වෙනුවෙන් දැඩි දඩුවමකට මුහුණ දීමට සිදුවිය හැකි බව දැන සිටිය යුතුයැයි පවසන එම කාර්යාලය නිත්‍යානුකුලව සේවයේ යොදවා ගැනීමේදී සිදුවන ප්‍රමාද ඉවත් කරමින් නීති විරෝධී සංක්‍රමණිකයින් සේවයේ යොදවන ව්‍යාපාරවලට සිවිල් නීති සංග්‍රහය යටතේ දැඩි දඩුවම් පැමිණවීමේ ක්‍රියා පටිපාටිය පසුගිය සතියේදී රජයෙන් ප්‍රකාශයට පත්කළ බවද කියයි.

මෙම යෝජනා නීති විරෝධී සංක්‍රමණිකයන්ට එක්සත් රාජධානියේ ජිවත්වීම හා වැඩකිරීම වඩාත් දුෂ්කර කරවීමේ හා ඔවුන් සූරා කන වැරදි කරන සේවකයන්ට දැඩි දඩුවම් පැමිණවීමේ අරමුණින් සකස් කළ රජයේ සැලැස්මේ කොටසකි. ඉන් සංක්‍රමණ ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේවය, නිවාස පහසුකම් හා රජයේ සියලු සේවාවන් සැපයීමේ සුභසාධන පද්ධතියට ගැලපෙන ආකාරයට හැඩ ගැස්වීමද අරමුණු කෙරේ.

නීති විරෝධී සංක්‍රමණිකයන් සේවයේ යොදවන හාම්පුතුන්ට එක සේවකයෙක් වෙනුවෙන් උපරිමය පවුම් 20,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දශ ලක්ෂ 3.9 ) දක්වා නිතිය නැවත නැවතත් කඩ කරන හාම්පුතුන් සදහා දඩ නියම කිරීම ඇතුළත්ව සිවිල් නීති පද්ධතිය වඩාත් දැඩි කිරීමට මෙම යෝජනා වලින් අදහස් කෙරේ.

මේ වසරේ ඉදිරියේදී හදුන්වාදෙන සංක්‍රමණික පනතට මෙම යෝජනා ඇතුළත් වන අතර ඉන් සංක්‍රමණික නීති හා බලාත්මක කිරීම වඩාත් දැඩිකොට එක්සත් රාජධානියේ මහජන සේවාවන් විදේශිකයින් විසින් අයුතු ලෙස භාවිතා කිරීම නතර කිරීමටද අදහස් කෙරේ.

Gossip Lanka Hot News Previous News Archive